IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ සායනික පුහුණුව දීම ගැන බලන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය විශ්වවිද්‍යාල වල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාල වල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා  ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ආර්. එම් සමන් කුසුම්සිරි රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( වෛද්‍ය සේවා) වෛද්‍ය ඒ. කේ. එස් ද අල්විස්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය  වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය භවන්ත ගමගේ, විකලාංග සහ ක්ෂථ පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නාමල් විජේසිංහ,  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ජේ. බලවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ ( වෛද්‍ය සේවා) ආර්. එල් . එස් සමන්මලී  මහත්ම මහත්මීහු කටයුතු කරති.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පොළොන්නරුව යන විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල්,  අධ්‍යයනය කිරීම, සමාලෝචනය කිරීම , හඳුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීම ට ඇති හැකියාව මෙම කමිටුව මඟින් සොයා බැලීමට නියමිතය. 

ඒ අනුව හඳුනා ගනු ලබන රෝහල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ යුතු අතර සති අටක (08) කාලයක් ඇතුළත කමිටුවේ සොයාගැනීම් සහ නිර්දේශ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුවට උපදෙස් ලබා දී ඇත. 

 

 



අදහස් (5)

පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ සායනික පුහුණුව දීම ගැන බලන්න කමිටුවක්

Lal Tuesday, 14 March 2023 11:59 AM

ආයෙත් කරමු වර්ජන

:       6       6

ලුම්බිණි Tuesday, 14 March 2023 12:40 PM

කමිටුවට කට්ටිය මදි වගේ. තව 25ක් 30ක් විතර දැම්මනම් නේද හොඳ?

:       4       4

විපරමා Tuesday, 14 March 2023 02:41 PM

පින් ජනපතියා කමිටු පත් කරනවා මිසක් වෙන මොනවද දන්නේ ? ගෝටාගේ වියත්මග වගේ.?

:       1       3

Dr. Sakya Tuesday, 14 March 2023 05:59 PM

මොකක්ද මේ විහිළුව

:       0       1

චන්දන Tuesday, 14 March 2023 07:20 PM

ලංකාවෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා ද. කොතලාවල හැරුණු විට වෙනත් ඒව නැහැ නේද පිටරටවල වෛද්‍ය උපාධි අරගෙන ආපු අය මෙහේ වැඩ කරන හැටි දැක්කාම පුදුම හිතෙනව. මෙලෝ වැඩක් බැහැ . ලෙඩෙකුුට තියෙන ලෙඩේ හඳුනා ගන්න බැහැ . එයාලගෙන් බෙහෙත් ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි . මේ අත් දැකීමෙන් කියන්නේ .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1563 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 744 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 121 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 616 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1111 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 578 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 575 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site