(යොහාන් භාසුර)
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා සහ පසුගිය සතියේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා එසේ කීය.
පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ අධීක්ෂණයක් නොමැතිකම ප්‍රමිතීන් පවත්වාගෙන යාමේදී අමාත්‍යාංශය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් බවත් ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල 27 කට අමතරව නිරීක්ෂණය කිරීමට නියමිත විශ්වවිද්‍යාල ද වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාල විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධ බවට ප්‍රචාරය කර ඇති නමුත් නිසි ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් නොමැති බව කී අමාත්‍යවරයා ඔවුන්ට තවදුරටත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලය ප්‍රපාද කොමිසමේ ලියාපදිංචි වියයුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලියාපදිංචියකින් තොරව මෙවැනි ව්‍යාපාර සිදුකිරීම පවතින රෙගුලාසි කඩකිරීමක් බැවින් ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන යන ආයතන සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳව අමාත්‍යාංශය සමීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව කී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ ලියාපදිංචිය සහ අධීක්ෂණ ක්‍රියාවලිය සඳහා පවතින නීති භාවිතා කළ හැකි බවත්ය.
අධීක්ෂණ ක්‍රියාවලියේ කොටසක් ලෙස ආචාර්යවරු, අධ්‍යයන සුදුසුකම්, පිරිනමනු ලබන පාඨමාලාවල ගුණාත්මකභාවය සහ යටිතල පහසුකම් පිළිබඳව සොයාබැලීමට නියමිත බවත් නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන්නේ නම් ආයතනවල ක්‍රියාකාරිත්වය අත්හිටුවිය හැකි බවත් අ’ධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෞද්ගලික සරසවි අධීක්ෂණ කිරීමේ සූදානමක්
Jayantha Sunday, 16 February 2025 06:57 PM
නියමයි...!
රුවන් Sunday, 16 February 2025 07:08 PM
ඒ වගේම ලංකාවේ ජාත්‍යන්තර පාසල්. යුරෝපයේ නම් ජාත්‍යන්තර පාසල් කියන්නේ විදේශික සිසුන් සඳහා පවත්වන පාසල්. ලංකාවේ වගේ නෙමෙයි අවම 25% ඉන්න ඕනේ විදේශීය සිසුන් නැත්තං පෞද්ගලික පාසල්. යුරෝපයේ තියෙන්නේ රජයේ පොදු නොමිලේ පාසල් අනිත් එක පල්ලි වලින් හෝ ලාභ නොලබන පෞද්ගලික පාසල්. ලංකාවේ තියෙන්නේ ලාභ පරමාර්ථයෙන් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කරපු ජාත්‍යන්තර පාසල්. ඒවා ඇතුලේ ළමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරත්, ප්‍රශ්නයක් නෑ. සමහර ගෑනු ළමයිට ළමයි එහෙමත් හම්බවෙනවා. රජයට කිසිඳු බලපෑමක් කරන්න බෑ. ඇත්තටම යුරෝපයේ තමයි සමාජවාදී පසුබිම තියෙන්නේ ලංකාවේ තනිකරම ධනවාදී සමාජයක්. අඩුම කියන්න බලන්න උපකාරක පන්ති නොයන ළමයි ඉන්නවද? යුරෝපයේ නම් ළමයින්ට ආහාරවේලත් නොමිලේ. අමතර දේවල් වලට තමයි සුළු මුදලක් අය කරන්නේ (උදාහරණයක් පාසල් වෙලාවෙන් පසු පාපන්දු පුහුණුව/ ළමයා වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් වෙනවා නම් වගේ)
Asela Sunday, 16 February 2025 09:42 PM
මෝඩයෝ, පෞද්ගලික අංශයෙන් අහන්න ඇයි රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන් බඳවා ගැනීමට මැලි වෙන්නේ කියලා. ඔවුන් කැමතියි පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන් බඳවා ගැනීමට. ඒ නිසා, රජයේ විශ්වවිද්‍යාල නියාමනය කිරීම වඩා හොඳයි. රාජ්‍ය වෛද්‍ය පීඨ තියෙන නිසා ඒවා සුදුසු නැහැ. බොහෝ තරුණ පරම්පරාවන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන්න කැමති නැහැ.
Mo77 Sunday, 16 February 2025 10:10 PM
ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල පාලනය කරන්න කලින් රජයේ විශ්‍රාද්‍යාල ටික පාලනය කරගන්න. දාහකට වඩා ආචාර්යවරු ශ්‍රී ලංකා රජයෙන් මුදල් ලබමින් ම සම්පූර්ණ වැටුප ලබමින් විදේශ රටවල් වල අධ්‍යාපනයට ගිය. ඔවුන් අවුරුදු පහක් පිටරට අධ්‍යාපනය ලැබුවානම් රජයේ වියදමින් වැටුප් සමග ඔවුන් අවුරුදු දහයක් හෝ වැඩි ප්‍රමාණයක් වැඩ කරන්න ඕනා. අටසීයක් වගේ ප්‍රමාණයක් ලංකාවට ආපසු ඇවිල්ලම නෑ. තවත් තුන්සියයක් විතර ප්‍රමාණයක් කෙටි කාලයකට ඇවිල්ල ආපහු රට ගිහිල්ලා තියෙනවා. පළමු උපාධිය ආචාර්යවරු බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නවත්වන්න.
C Rajapakse Sunday, 16 February 2025 10:20 PM
රජයෙ විද්‍යාල බහුතරයක් ආචාර්යවරු මහාචාර්ය පදවිය අරන් තියෙන්නේ ව්‍යාජ ජනෙල්වල හෝ කිසිම වැදගැම්මක් නැති ජර්නල වල පරීක්‍ෂණ පත්‍රිකා එකා පළ කරල. බහුතරයක් පිරිස උගන්වන්නේ වර්ෂයකටම පැය 150කට අඩු ප්‍රමාණයක්. මේ ඉතිරි කාලයෙන් ඔවුන් පරීක්ෂණ කිරීමට හා ඒවා ඉහළ මට්ටමේ ජර්නල් වල පළ කිරීමට ක්‍රියා කළ යුතුයි. නමුත් කිසිම දෙයක් කරන්නේ නෑ.
Rukshan Monday, 17 February 2025 10:16 AM
මගේ දැනීමේ විදියට, මෙතුමා "ආචාර්ය" නෙමෙයි "වෛද්‍ය මදුර සෙනවිරත්න"