( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග විවිධ ප්‍රමාණවලින් යුත් කඩු හතක් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
පුද්ගලයන් පිරිසක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සඳහා සූදානමින් තීරෝද රථයකින් පැමිණෙන බවට ලද රහසිගත තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ ඒ දූෂණ මර්දන අංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කීපයකට ඉහතදී අන්තර්ජාල යෙදවුමක් හරහා පුද්ගලයෙකු සමග හිතවත් වි එම පුද්ගලයාව ගල්කිස්සට ගෙන්වාගෙන රුපියල් ලක්ෂ දෙකක කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව පවතින නඩුවක වින්දිත එම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා යමින් සිටි බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
.අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සොයිසා පුර සහ බායිවත්ත පදිංචිකරුවන්ය
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ