(යොහාන් භාසුර)
රජයේ පොදු ගොඩනැගලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රජයේ ගොඩනැගිලිවලින් සියයට 90 ක පමණ මැනුම් කටයුතු අවසන් කර ඇති බවත් සියලු මැනුම් මේ මස 15 වැනිදාට පෙර අවසන් කළ යුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ජාතික පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගලි, පොලිස් ස්ථාන, සියලු ආගම්වලට අයත් අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන රජයේ ගොඩනැගලි යටතට ගෙන ඇති බවත් රජයේ රෝහල් සහ පළාත් පාසල් මෙම වැඩපිළවෙලට මූලිකව ඇතුළත්ව තිබුණ ද මෙවැනිම ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා ක්‍රියාත්මක කරන බැවින් එම ගොඩනැගිලි එම ව්‍යාපෘතිවලට ඇතුළත් කරන බවත් අමාත්‍යවරයා කීය.
ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව හරහා ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදීගැනීමේ ප්‍රසම්පාදන එම බැංකුව කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පොදු ගොඩනැගිලි-සිද්ධස්ථානවලට ‘සූර්ය පැනල’
පිටිගල මිලානෝ Friday, 07 April 2023 01:43 PM
ලංකාවේ සිද්ධස්ථාන ආලා්ක පූජාව යැයි කියමින් මහා විදුලි විනාශයක් කරනවා. පොල්තෙල්ද නිස්සාර ලෙස දහනය කරමින් විනාශ කරනවා නිවනම බලාපොරොත්තුවෙන්….
pakeer Friday, 07 April 2023 02:21 PM
අපි මේව කියල දැන් අවුරුදු 5ට වැඩියි.
විමලරත්න Friday, 07 April 2023 02:23 PM
ආදායම් නොමැති ආගමික ස්ථානවලට පමණක් ලබාදෙන්න. ලයිට් බිල වෙනුවෙන් නැතත් වෙන පූජා කටයුත්තක් කියලා ආධාර ඉල්ලන එක නම් වලක්වන්න බැරිවේවි
Nimal Friday, 07 April 2023 05:00 PM
හොඳ වැඩක්...
Nandasena Friday, 07 April 2023 06:27 PM
ෆ්ලෑෂ් ලයිට් කියන්නේ අධික විදුලියක් දහනය වන විදුලි ලාම්පුවක් කියලා නොදන්නා කෙනෙක් නැහැ කියන්න පුළුවන්... ඒත් සමහරක් අපි ජාතික පාසල් කියාගන්නා සමහරු කියන ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරමුන් සිටින පාසලක මුලු රාත්‍රිය පුරාම රාත්‍රියේ ක්‍රීඩා කිසිත් නැතත් ක්‍රීඩා පිට්ටනිය දෙසට ෆ්ලෑෂ් ලයිට් දල්වා තිබෙන ආකාරයක් කොස්ගම සිට පැල්මඩුල්ල දක්වා යන කෙනෙකුට සෑම දිනකම වාගේ ෂෙඩ් එකක් ඉදිරිපිට පාරේ වම් අත පැත්තේ පාසලකින් දකින්නට පුළුවන් වෙනවා...!
de silva Friday, 07 April 2023 07:43 PM
අපිට නිදාගන්න වෙන එකක් නැහැ... කන් කරච්චලේ ලවුඩ්ස්පීකර් දාගෙන...
de silva Friday, 07 April 2023 10:57 PM
සිද්ධස්ථානයක් අසල ජීවත් වෙන මිනිස්සු විශාල දුකක් විඳිනවා. හරි හමන් නින්දක් නැතිව, මේ ලවුඩ්ස්පීකර් වදේ නිසා...