(නිමල කොඩිතුවක්කු)
පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය අගය සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලක්ෂ 220ක් ජනතාව ගත කරන දුකින් මුදවා ගන්නා සැමට සෞභාග්‍ය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක් බිහිකිරීමේ අරමුණින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමෙන් අනතුරුව පැමිණ සිටි පාක්ෂිකයන් අමතමිනි.
දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක්, පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමඟ ආරම්භ වන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
පොදුජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් ශ්‍රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමට මෙම කණ්ඩායම සමග කටයුතු කරන බවත් ඔහු කීවේය.
සියලු දේ කැපකර පොදුජනතාව ජිවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපල සම්පත හොරා කාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සමග ජන බලවේගයට අනුබද්ධ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොදු ජන යුගයක් බිහි කරනවා
Pradeep Kumara Friday, 16 August 2024 09:51 AM
ඔයාගේ තාත්තත් ඔහොමම කිව්වා. අමුත් අවසානයේ කලේ මොනවද කියලා රටම දන්නවා.
Nishan Friday, 16 August 2024 03:41 PM
1989 දී ජේවීපී ත්‍රස්තවාදය මුලිනුපුටා දමපු නිසා ඔබතුමාගේ පියාගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන සාර්ථක වෙලා රටට ඉතා විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබුණා. අදටත් ඇඟලුම් ක්ශේත්‍රයෙන් ජීවත්වෙන පවුල් ලක්ශ ගාණක් ඔබතුමාගේ පියාට පින් දෙනවා. එසේ නොවුණා නම් ඔවුන් ඒවත් ගිනිබත් කරනවා. ඔබතුමාටත් ඔබතුමාගේ පියාගේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ගමේ එකාලා Friday, 16 August 2024 04:15 PM
සමහර රැස්වීම් වලට, සමහර ඉස්කෝලවලට ගිහින් කරන කියන කතාවල හැටියට, පොදුජන යුගය කෙසේවෙතත් අනේද මන්දා?