IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පන්දාහෙ දීමනාව යළිත්

(සුජිත් හේවාජුලිගේ )

රජයේ සේවකයන් නොවන අඩුආදායම්ලාභී පිරිස්වලට රුපියල් පන්දහසේ දීමනාව යළිත් ලබාදීමට  රජය තීරණය කර ඇතැයි ජල සම්පාදන සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා  ලංකාදීපයට පැවැසීය .

ඉදිරි දිනවලදී එම දීමනාව ලබා දීමට නියමිතව ඇති බවත්  නාමල් රාජපක්ෂ ඇමතිවරයා ඒ කටයුතු සම්බන්ධීකරණය කරන බවත් ඔහු  ප්‍රකාශ කළේය .

රටේ  පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි  පැවැසූ නානායක්කාර මහතා  සමෘද්ධිලාභීන්ට සහ වැඩිහිටි දීමනාව ලබන අයට මේ යටතේ   ඔවුන්  ලබන දීමනාවට  රුපියල් 5000 දක්වා  මුදල් එකතු කරන බවද පැවැසුවේය .

කොරෝනා වසංගතය  සමග ඇතිවූ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන   රජය මෙයට පෙර අවස්ථා කීපයකදීම  අඩු ආදායම්ලාභීන්ට  රුපියල් පන් දහසේ දීමනාව ලබා දීමට  කටයුතු කර තිබිණ .

රජය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ   එදිනෙදා ජීවනෝපාය කරන පිරිස් විශේෂයෙන්  ඉලක්ක කරගෙන යැයි  නානායක්කාර මහතා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය. 

 

 



අදහස් (4)

පන්දාහෙ දීමනාව යළිත්

Rata Perata Friday, 28 May 2021 05:52 AM

අර මහින්දගේ වාහන ගෙන්නන්නේ නැහැ කියන බොරුව වගේ... මේ වගේ කතා එක එක කිව්වා ගණන් දාන්න එපා...ඒකෙන් ජනතාව රැවටීමක් විතරයි වෙන්නේ. ඒක නිසා අනුමැතිය ලැබිලද? සල්ලි කොහෙන්ද? කී දෙනෙකුට දෙනවද? ලබාදීමේ ක්‍රමවේදය මොකක්ද වගේ කරුණු හොයලා බලන්න..

:       4       18

Pat Friday, 28 May 2021 06:48 AM

අපි සල්ලි කාරයෝ නොවේ. නමුත් කිසිම රජයකින් අපි කිසිම දෙයක් නොමිලේ අරගෙන නැහැ.

:       2       13

Binkunndaa Friday, 28 May 2021 10:38 AM

සල්ලි අච්චු ගහ ගහ දීපල්ලා. රුපියල තව 50% කින් බහී..

:       0       4

එම්. බිලාල් Friday, 28 May 2021 11:03 AM

කුලියට ඉන්න අයට මීට කලිනුත් දුන්නේ නෑ. කොරෝනා එන්නත පවා දුන්නේ නෑ. ඒ අය ස්ථීර පදිංචිය නොමැතිකම. පව් අසරණ උදවිය...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

’’පුළුවන් ශ්‍රී ලංකා’’ගෙනයන්න මාලිමාව අයි.එම්.එෆ් එකට එකඟ වෙලා
2024 නොවැම්බර් මස 07 179 0

අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික


පාසල් සිසුවාට පහරදුන් සෙබළුලු තිදෙනා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 242 0

පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.


තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව
2024 නොවැම්බර් මස 07 20 0

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 32 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1224 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1337 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1370 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site