(රොමේෂ් මධුෂංක)
යාපනය පන්නනෙයි වටරවුමේ ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සම්බන්ධ නඩුව මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය.
නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම පිළිබඳව යාපනය පොලීසිය ගොනුකොට තිබූ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවට අදාල ප්‍රතිමාව ඉවත්කිරීමට විරෝධය පාමින් යාපනයේ හින්දු සංවිධාන 30 කට අධික ප්‍රමාණයක පූජකවරුන් සහ එම පිරිස් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුලු පිරිසක් නඩුවිභගයට සහභාගී වූහ.
අදාල ප්‍රතිමාව නඩත්තුව සහ කිසිදු සංහිදියාවට බාධාවක් නොවන බව කරුණු දැක් වූ නීතීඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කෙරුනු අතර පොලීසිය ඉදිරිපත් කර ඇති කරුනු පිළිගත නොහැකි බවටද අධිකරණයට දැනුම්දෙනු ලැබීය.
එමෙන්ම පොලීසිය අදාල දේව ප්‍රතිමාව මගින් නයිනතිව් වෙත පැමිණෙන ජනතාව අතර යම් මහජන සාමායට බාධාවීමක් සංහිදියාවට බාධාවක් වන බවත් තවත රථවාහාන ධාවනයටද ප්‍රතිමාව මගින් බාධාවන් එල්ලවන බවට අධිකරණයට කරුණු දැක්වීය.
අනතුරුව වැඩිදුර නඩුවිභාගය සඳහා නඩුව මැයිමස 04 වනදාට කල්තැබුනු අතර නඩුවිභාගය පැවත්වූ යාපනය අධිකරණය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවකද් සපයා තිබුණි.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පන්නෙයි දේවප්‍රතිමා නඩුව මැයි 4ට කල් යයි
NARAYANA Tuesday, 18 April 2023 06:05 PM
පොලිසියට පිස්සු .මුන් තමයි රට විනාශ කරන්නේ .කාලකන්නි
සෙනෙවිරත්න Tuesday, 18 April 2023 07:49 PM
මොනවද මේ පොලීසියේ වැඩ?
SL Tuesday, 18 April 2023 07:53 PM
සුමන්තිරන්ට ඊළඟ ඡන්දෙන් ඇතුලට එන්න චාන්ස් එකක් දෙන්න පොලිසිය එකතුවෙලා කරපු ගේමක් ද කියලා හිතෙන්නේ මට විතරද? ආගම, ජාතිය, අල්ලාගෙන පාලකයා කරපු නාටක වලින් අවසානයේ දෙමළ කොල්ලෝ /සිංහල කොල්ලෝ/මුස්ලිම් කොල්ලෝ ලක්ෂ ගාණක් මේ රටට අහිමි වුණා. තවත් ඒක පස්සෙම යන අයට. ඒකම කරන කාලකන්නි පාලකයින්ට මොනවා කියන්නද මන්දා...? මේ පාලක පැලැන්තිය මේ රටෙන් පන්නන කල් මේ රට ගොඩඑනවා බොරු...!
Alfread Wednesday, 19 April 2023 06:32 AM
මේ අයටත් මොකක් හරි මඟුලක් කරලා පැටලෙන්නමයි ඕනෑ...
Vira Wednesday, 19 April 2023 08:08 AM
බහුතර දමිල මිනිසුන් සිටින ප්‍රදේශයක මෙම දේව පිළිමය තැන්පත් කිරීම ප්‍රශ්නයක් නම් තව මොන කතාද?මෙවැනි සිදුවීම් තුලින් සාමය බලාපොරොත්තු විය හැකිද ?
fairoos Wednesday, 19 April 2023 12:42 PM
මේක මාර වැඩක්නේ... එක එක අයට ඕන විදිහට මහපාරේ පිළිම තියාගෙන ගියොත් හොඳට හිටියි.