( සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර , පිංවත්ත ටි ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලිසිය පවසයි.
සුඛෝපභෝගී ජීප් රථයකින් ගාලු පාර දෙස සිට මුහුදුබඩ මාර්ගය දෙසට ගමන්කර ඇති ජීප් රථය යතුරු පැදිකරුවන් දෙදෙනෙකු විසින් පැමිණ වෙඩි තබා පලා ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස් සිට ඇති අයුරු දැකගත හැකි විය.
සම්පත් කුඩාගොඩ නමැති 56 හැවිරිදි කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති තැනැත්තා කඩවත ප්‍රදේශයේ රට බීම හලක හිමිකරුවෙකු බවත් පොලිසිය කීය.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් වෙඩි තබන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරනු ලබයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පින්වත්තේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙක් මරුට