IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පන්සලට පූජා කළ ඇත් දළ විහාරාධිපති හිමි පන්නලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

සැදැහැවතකු පූජා කළ ඇත් දළ යුගලයක් ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කළ බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.

මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස දොළොස්වෙනි දින මාතර පිටබැද්දර දී විශේෂ පොලිස් කණ්ඩායමක්  එම ඇත් දළ යුගළය සමග පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුවන් ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථ වීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම  අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වසර පහකට පමණක් ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම සද්දන්ත ඇත් දළ යුගලය සැකකාර හිමිනම උපක්‍රමශීලීව විහාරස්ථානයෙන් බැහැර කර ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (7)

පන්සලට පූජා කළ ඇත් දළ විහාරාධිපති හිමි පන්නලා

පිටිගල මිලානෝ Thursday, 20 April 2023 03:59 PM

වී8 වාහන කීපයක්ම තිබු අර අනුරාධපුර උන්නාන්සෙව අනුගමනය කරන්න ඇති. කීය කීය හරි හම්බකරලා වී8 එකක් ගත්තොත් වේගයෙන් සැපසේ නිවන් යන්න පුලුවන් කියලා හිතන්න ඇති.

:       5       18

නන්දන පනා-මිලානෝThursday, 20 April 2023 05:48 PM

රංජිත් අයියේ ඩිෆෙන්ඩරයක ගියොත් නිවන පරක්කුවෙනවද?

:       0       2

sethuhami Thursday, 20 April 2023 04:05 PM

ඔය ඇත්දල පුජාකලෙ ඇතා. ‌නොදකින් කාලකන්නි. සත්තු මරල දලදෙක ගලවගෙන හරියට උගෙ වගෙ පූජකලේ. ඒව බාරගන්න කහකඩයොත් ඉන්නව.

:       3       26

නිහාල් Thursday, 20 April 2023 07:36 PM

අන්ධ ආගමික භක්තිය ඇති මෝඩයින් නිසා තක්කඩින් කරනදේවල් තමයි මේ.

:       2       1

බද්රානි Thursday, 20 April 2023 07:54 PM

ගරුතර මහා සංඝරත්නයට අපහාස කරන්න හිතාගෙන බොරුවට කල චෝදනාවක්. මෙතන ලියන සමහරක් මෝඩ බෞද්ධයින් කිසිවක් නොදැන ගරු, ස්වාමින් වහන්සේලාට නිකරුනේ දොස් නගනවා.

:       4       1

ලුම්බිණි Friday, 21 April 2023 04:22 AM

සාදු සාදු .සආආආආදු

:       0       2

ඩ්. කන්නන්ගර Friday, 21 April 2023 10:08 AM

මේ හාමුරුවන්ගේ වරදක් නැහැනේ... නිකම් බොරුවට තියාගෙන ඉන්නවට වඩා හොදයි මම මේක සල්ලි කරලා 18 හෝ 19 වයසේ ගැහැණු දරුවෝ කීපදෙනෙකුට පුජා කරලා පිනක් කරගන්න එක හොදයි කියලා.... පන්සල් විලා වල ආතල් එකේ සැපගන්න කහපාට රෙද්දක් පොරවගත්තු මේ හොර මුදලාලිලාට මේවා පුජාකරන මෝඩ ගොන් හරක්ට මඩු වලිගෙන් තලලා හරක් මුත්‍රා පොවන්න ඕනේ.. ඕක සර්ධාව නොවේ බුරුවනේ කරන්නන් වාලේ කරන මොට්ට පින්කම්... ඕක විකුණලා ඒ සල්ලි වලින් පිපාසෙ ඉන්න මිනිස්සු ටිකකට නල ලින් ටිකක්, වහලයක් හදාගන්න උළු ටිකක් පොත් පත් ටිකක් අරගෙන දුන්නනම්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 470 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 599 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 524 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1253 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 523 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


වැල්ලවාය - බෙරගල මාර්ගයේ ධාවනය බාධා
2025 අප්‍රේල් මස 19 321 0

වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 88 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site