IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


පන්සලේ ලයිටි බිල ලක්ෂ පහහමාරයි

(යොහාන් භාසුර)

විහාරස්ථානයක් මාසයකදී විදුලි ඒකක 8,500 ක් පාවිච්චි කිරීම නිසා රුපියල් ලක්‍ෂ පහමාරක විදුලි බිලක් ලැබී ඇති බවත් මෙවැනි ආකාරයට දැවැන්ත විදුලි පරිභෝජනයක් කරන ආගමික ස්ථාන පිළිබඳව රජය මැදිහත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම විහාරස්ථානයේ පසුගිය මස විදුලි බිල රුපියල් 80,000 ක් යැයි එම විහාරස්ථානයෙන් පැමිණිල්ලක් යොමුකර ඇති බව කී රත්නායක මහතා කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බව ද සඳහන් කළේය.

මෙවැනි විශාල පරිභෝජනයක් ඇති ස්ථානවලට ලක්‍ෂ 5 කට වඩා වැඩි බිලක් ලැබීම වැලැක්විය නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ පන්සල්වලට සහනාධාර දීම රජයේ කටයුත්තක් බවත්ය.

සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500 ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ඒකක 180 කට අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් සියයට 25 ක් පමණ වන විශාල පරිභෝජනයක් ඇති ස්ථාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් කීය.



අදහස් (28)

පන්සලේ ලයිටි බිල ලක්ෂ පහහමාරයි

nalin Friday, 23 September 2022 12:42 PM

මේ වගේ අධිකව විදුලිය පාවිච්චි කරනවා නම් සෝලා පැනල් ගහගන්න කියන්න ඕනේ... සහන දෙනවා කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ බිල් ගෙවනවා කියන එක... පන්සල් වල වුණත් විදුලි බිල අඩු කරගන්න එයාලා දැනගන්න ඕනේ... පන්සල්වලට ඕනෑතරම් දේපළ තියෙනවානේ... අනික දායකයින් ඉන්නවානේ ඔව්වාට උදව් කරන...!

:       289       227

Rasika Friday, 23 September 2022 01:02 PM

ඒක ඇත්ත. පන්සල්වලට හොඳ ආදායමක් තියනවා. ඇත්තටම නම් පන්සලට පුළුවන් දායකයින්ගේත් බිල ගෙවන්න.

:       261       200

" සත්‍ය ගවේෂී වෙමු "Friday, 23 September 2022 03:38 PM

ගොඩක් පන්සල්වල තියෙන සුපිරි සැප, වායු සමීකරණ, ඕඩියෝ, වීඩියෝ, පරිගණක, PEO ටීවී දාගෙන පැය ගණන් නාට්‍ය බලලා එන බිල තමා ඔය!. සමහර පන්සල් බදුදීලා අමතරව ටියුෂන් පන්ති කරන්න!. අධික විදුලි බිලක් එන පන්සල්වල භාවිතා කරන විදුලි උපකරණ ගැන වාර්තාවක් ලබාගන්නම ඕනි. පේරාදෙණිය කිට්ටුව නුවරට යන පාරේ තියෙන ප්‍රසිද්ධ පන්සලක් පහුකරලා දිනකට ලක්‍ෂ 3 ක් වාහන යනවා.. ඒ පින් කැටේට මුදල් නොදා යන වාහනයක් නොමැත! හිතමු රුපියලක් ඒ පින්කැටේට වැටුණොත් දිනකට අවම රු ලක්‍ෂයක් ලැබේ. මසකට රු ලක්‍ෂ 30කි. ඒ වගේම අනුරාධපුරයට යන පාරේ විශාල බුදුරුව තියෙන පන්සල..! ඒ පින්කැටේට

:       0       1

නිහාල් Friday, 23 September 2022 12:42 PM

බොහෝ ආගමික ස්ථානවල ලාබ විදුලි බිලනිසා බිට්කොයින් ලබාගැනීමේ කටයුතු සිදුකරන බවට ආරංචි පැතිරෙනවා. වැඩි විදුලි පරිභෝජනය කරන පරිගණක මේ සඳහා යොදා ගන්නවා..

:       227       82

බද්රානි Friday, 23 September 2022 12:51 PM

ඒ කරුමෙටත් දැන් අපටද කර ගහන්න වෙලා තියෙන්නේ? පැය විසිහතරම වායුසමීකරණ දාගෙන ලෝකෙට පේන්න ලයිට් දාලා දැන් අපටද බිල ගෙවන්න කියන්නේ? මේ විදිහට නම් මේ රට මේ ආත්මයේදී ගොඩගන්න බැහැ. බිල නොගෙව්වොත් ලයිට් කපනවා හැර ආයේ මොනවද කතා කරන්නේ...? මේ ආගමික ස්ථාන රටට පිළිලයක් වෙලානේ?

:       257       382

Santhu Friday, 23 September 2022 12:59 PM

පන්සල්වලට මොකටද මේ සා විශාල විදුලි බිල්පත්. හවසට ගිලන්පස අරන් බණක්, භාවනාවක් කරලා, පිරිතක් අහල සුවසේ නිවන මෙනෙහි කරන් සැතපෙනවා ඇරෙන්න...

:       0       0

විපරමා Friday, 23 September 2022 01:18 PM

සමහර පන්සල්වල අනවශ්‍ය විදියට විදුලිය පාවිච්චි කරන හැටි අපි දැකලා තියෙනවා. ඒ මදිවට පෝය දිනවල මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දාගෙන ආධාරත් ඉල්ලනවා විදුලි බිලට.. ඒ ආධාර කොහෙට යනවද කියලා කවුද දන්නේ..?

:       165       161

Jcn Friday, 23 September 2022 01:51 PM

පන්සල් වල සද්දෙට උදේ හවස පිරිත් දාන්නම ලොකු විදුලියක් නාස්ති කරනව.. කොච්චර පිරිත් දැම්මත් පේනවනෙ රටට වෙලා තියෙන දේ.. සද්දෙට පිරිත් දැම්මා ලයිට් දැම්මා කියල ශාසනේ බැබලෙන්නෙවත් රටට සෙතක් වෙන්නෙවත් නෑ, මිනිස්සුන්ගෙ කන් බීරි වෙන එක විතරයි වෙන්නෙ

:       0       1

menna Friday, 23 September 2022 02:40 PM

බලාගෙන ගියාම රට බංකලොත් කරල තියෙන්නේ ආගමික සිද්ධස්ථානද? ආගමික සිද්ධස්ථාන වලට මෙච්චර මිනිස්සු රැස්වෙන්නේ ඇයි? ඇත්තටම, යථාර්තය අවබෝධ කර ගැනීමටද? සමහර විට මේ අර්බුදය නිසා ලංකාවේ මිනිසුන්ට යථාර්තය අවබෝධ වුනවත්ද කියලත් හිතෙනවා.

:       0       1

Gunasinghe Friday, 23 September 2022 02:42 PM

මෙවර අරගලයේ නායකත්වය ගත්තේ ආගමික නායකයින්.. ඒ නිසා දුන්නු දඬුවමක් කියලත් හිතෙනවා.

:       119       24

Nandasena grMonday, 26 September 2022 08:50 AM

නැහැ , පක්ෂ භේදයකින් තොරව දඬුවම ලැබිලා තියෙන්නේ

:       0       1

soma Friday, 23 September 2022 02:47 PM

දැන් රටේ පවතින තත්තවය අනුව අනුවර්තනයවීමට, විදුලි බිල පමණක් නොව අනෙකුත් විය පැහැදම් හොඳින් කළමනාකරණය කර ගැනීමට විහාරාධිකාරී පාර්ශව උනන්දුවෙනවා නම් හොඳයි කරදරයක් නොවන විධියට.

:       0       1

මනෝජ් Friday, 23 September 2022 02:54 PM

ලවුඩ්ස්පීකර් කරදරය නිසා අවට පදිංචි මිනිස්සු කොච්චර දුක් විඳිනවද ?

:       0       1

සෙනෙවිරත්න Friday, 23 September 2022 03:19 PM

නරකෙත් හොඳ පේනව වගේ මේකෙන් මේ උන්නාන්සෙලගෙ නාස්තිකාර ජීවිත එලයට ආව, මෙච්චර විදුලියක් කාබාසිනියා කරන්නෙ එක ඩොලරයක් උපයන්නද? මැදපෙරදිග බැලමෙහෙවර කරන සහ ඇඟලුම් කම්හල්වල දාඩිය හෙලන කාන්තාවන් උපයන ඩොලර් දීල ගෙන්වන තෙල් වලින් උපදවන විදුලියට නාස්ති කරනව. ඕව ගෙවන්න රජය මැදිහත් වෙනවට අපි විරුද්ධයි.

:       0       0

සඳුන් Friday, 23 September 2022 03:38 PM

වායුසමීකරණ තුල සිරවී අධි විදුලිබල නාස්තියක් කරන කාමසුබල්ලිකානු චරිත වලට දුක්ඛ සත්‍යය යම් පමණකට අවබෝධ කොට දුන් විදුලිබල මණ්ඩලයට පිං.

:       0       0

ලුම්බිණි Friday, 23 September 2022 04:36 PM

පන්සල් වලට සහන දෙන එක නවත්වන එක නේද හොඳම විසඳුම.

:       0       1

Luchina Friday, 23 September 2022 07:28 PM

හාමුදුරුවරු රෑට පංසල්වල තොරන් පෙන්නනවද

:       0       1

sampath Friday, 23 September 2022 08:40 PM

සෑම ආගමික සිද්ධස්ථානයකටම විදුලි ඒකක 200 ක් නොමිලේ දෙන්න. මොකද අපි ජල විදුලියෙන් නිපදවන විදුලි ඒකක වලට ලොකු වියදමක් යන්නේ නෑ . මොනවා වුණත් අපේ හර පද්ධතිය රැකෙන්න ආගම නිසයි. මෙහෙම හරි පෙර ගෙවුම් ක්‍රමය හඳුන්වා දෙන්න. සියලුම ව්‍යාපාරික සහ ගෘහස්ත වගේම රජයේ ආයතනවලට.

:       21       71

දේවප්‍රිය හුණුකුඹුර Friday, 23 September 2022 08:55 PM

සාමාන්‍ය ජනතාව මුල්‍ය අර්බුයේ වැඩිම බර දරන කොටසයි. මේ වෙලාවේ දී තවත් සහන ⁣සොයනවට වඩාසියලුම පුජනීය ස්ථාන වල විදුලිය පරිභෝානය අඩු කිරීම වඩා වැදගත්.

:       0       1

chandima Friday, 23 September 2022 10:23 PM

V8 එකේ ගිහින් දන් පින්වලට වඩින්නෙ නැතුව බුදුන් වැඩිය විදියට පා ගමනින් දන් පින්වලට වැඩලා සල්ලි ඉතුරු කරගෙන බිල ගෙවන්න කියන්න. අපිටයි අපේ ළමයින්ටයි නම් පිනට දෙන ණය වලට කරගහන්න බැහැ.

:       66       27

raheem Saturday, 24 September 2022 08:30 AM

පුදුමයි කාමර 36 ක හෝටලේක විදුලි බිල 7500 ක් කියන්නේ. ඒක වහලා දාලා තියන හෝටලයක්ද?

:       11       49

MangalaSaturday, 24 September 2022 10:30 AM

හරියට කියවලා බලන්න. කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඒකක 7,500 ක් පමණක් බව ද සඳහන් කළේය.

:       0       0

Koralamuttha Saturday, 24 September 2022 12:56 PM

ඒකක ගණන හලෝ

:       0       0

Mangala Saturday, 24 September 2022 10:40 AM

අරගලට සම්බන්ධ වෙලා හාමුදුරුවොත් ඉල්ලුවේ සිස්ටම් චෙන්ජ් එක දැන් බලන කොට ඕක්කොම බයිලා තමයි . තමන්ගේ බිල ගෙවන්න බැරිලු,

:       0       0

roger de silva Saturday, 24 September 2022 11:24 AM

නිවන් යන්න කරැවලේ බැනේ...ඒකයි එවිවර බිලක් යන්නේ....අපේ කාලේ මෙහෙම තිබුනේ නැ අපේ හාන්දුරැවනේ ...දැන් ශැපද ....

:       0       0

ගෙහාන් ද සිල්වා Saturday, 24 September 2022 12:25 PM

විහාරස්ථානද විදුලි පාරිභෝජනය සීමා කරගැනීම මගින් රටට ආදර්ශමත් විය යුතුය.

:       0       0

Bamunuarachchi Saturday, 24 September 2022 07:10 PM

බොහොමයක් පන්සල් වල තට්ටු ගණන්වල ගොඩනැගිලි හදලා කාමර කුලියට දෙනවා කලල්ගොඩ පැත්තේ එහෙම පන්සල් තිබෙනවා. ඒවායේ විදුලිබිල් තමයි ඔය.හාමුදුරුවරු ඉන්නේ කීපනමයි නමුත් විසාල ගොඩනැගිලි.

:       0       4

Sam Monday, 26 September 2022 08:18 AM

පන්සල් වලට ලැබෙන දානයත් නැති කරගන්න හදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 722 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 15 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 816 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 487 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 299 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site