IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාන් පිටි මිල අඩු වෙයි?

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාන් පිටි කිලෝවක  මිල එන සතියේදී  රුපියල් 250 දක්වා  අඩු කිරීමට කටයුතු කරන බව   වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ  බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාන් පිටි කන්ටේනර්  සියයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවත් ඒවා ගොඩබෑම  මේ වනවිට ආරම්භවී ඇති බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

පාන්පිටි සම්බන්ධයෙන් අද විශාල ගැටළුවක් පවතින බව තමා පිළිගන්නේ යැයි  සඳහන් කළ  නලින් ප්‍රනාන්දු මහතා ප්‍රශ්නය ඇතිවුණේ  පාන් පිටි නිෂ්පාදනය කරන මෙරට ප්‍රධාන  සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන්  තිරිඟු ඇට ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට නොහැකිවීම  නිසා බවද ප්‍රකාශ කළේය.

ඊට පසු ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කෙරුණු බවත් ගෙන්වීමේ ප්‍රමාදය නිසා පාන්   පිටි  මිල ඉහළ ගිය   බවත් ඔහු කීවේය.

ප්‍රශ්නය යොමු කරමින් අදහස් දැක්වූ රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පැකට් කළ පාන් පිටි මිල රුපියල් 450 දක්වා ඉහළ ගොස් ඇති බවයි.



අදහස් (2)

පාන් පිටි මිල අඩු වෙයි?

යෝගා Monday, 03 October 2022 03:16 PM

ඔය මොකක් අඩු කළත් බේකරිකාරයොයි, කඩකාරයොයි ජනතාව හූරන් කන එක නවතන්නේ නෑ. බත් පැකට් එක, පාන් ගෙඩිය අඩු කරන්නෙත් නෑ...!

:       0       10

රනේ Monday, 03 October 2022 06:47 PM

අත්හැරීම තුළින් ජයලබමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 662 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1453 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1354 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1471 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2378 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1313 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site