වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් විය. කටාර් හි ලුසයිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී පැනල්ටි පහර 4-2 කින් ප්‍රංශය පරදවා ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.
තරගයේ නියමිත කාලය නිමා වනවිට දෙපිලම ගෝල දෙක බැගින් රැස් කරගෙන සිටි අතර අතිරේක විනාඩි තිහේදී ද දෙපිලම තවත් ගෝලය බැගින් රැස් කිරීමට සමත් වීම නිසා තරගයේ තීරණය පැනල්ටි පහර මත තීරණය කිරීමට සිදුවිය. මෙහිදී පැනල්ටි පහර 4-2 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනාව සමත් විය.
තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගත් ආර්ජන්ටිනාව තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේ දී වාර්තා කළේය. දඬුවම් පහරක් මගින් එම ගෝලය රැස් කිරීමට මෙසී සමත් විය. එයින් පසු 36 වැනි විනාඩියේ දී ඩි මාරියා තවත් ගෝලයක් රැස් කරමින් 2-0 ක් ලෙස කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට සමත් විය.
දෙවැනි අර්ධයේ දී ප්‍රංශය වැඩි ජවයකින් ක්‍රීඩාවට අවතීරණ වුවද ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා යන ලකුණු දැක ගත හැකි විය. එහෙත් ප්‍රංශය 80 වැනි විනාඩියේ දී එම්බාපේ එල්ල කළ දඬුවම් පහරකින් පළමු ගෝලය ලබා ගත් අතර 81 වැනි විනාඩියේ දී එම්බාපේ විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් තරගය සම කරන්නට සමත් විය.
අතිරේක කාලයේ දී තරගයේ 109 වැනි මිනිත්තුවේ දී ලියොනල් මෙසී තවත් ගෝලයක් වාර්තා කළ අතර එය ආර්ජන්ටිනා ජයග්‍රහණය තහවුරු කරන ගෝලය වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළද කිලියන් එම්බාපේ අතිරේක කාලය නිමා වීමට විනාඩි දෙකක් තිබියදී එනම් 118 වැනි විනාඩියේ දී තවත් දඬුවම් පහරක් සර්ථක කරගෙන තරගය පැනල්ටි පහරවලින් තීරණය ලබා ගන්නා එකක් බවට පත් කළේය.
තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා - එන්සෝ ෆර්නැන්ඩස් ( ආර්ජන්ටිනාව)
තරගාවලියේ හොඳම ගෝල් රකින්නා - එමිලියානෝ මාටිනස් ( ආර්ජන්ටිනාව)
තරගාවලියේ වැඩිම ගෝල ලාභියා ( ගෝල්ඩන් බූට් සම්මානය) ගෝල 8 යි - කිලියන් එම්බාපේ ( ප්‍රංශය)
තරගාවලියේ හොඳම ක්‍රීඩකයා (ගෝල්ඩන් බෝල් සම්මානය) - ලියොනල් මෙසී ( ආර්ජන්ටිනාව)
(ඡායාරූප - ෆිෆා ට්විටර් ගිණුමෙනි)
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට
iks chandrasiri Monday, 19 December 2022 02:09 AM
මෙසී නිසාම ආර්ජන්ටිනාවේ ජය බලාපොරොත්තු වුණා. ප්‍රංශය හොඳට සෙල්ලම් කළා. ජයවේවා ආජන්ටිනා.
ගෝල් රකින්නා Monday, 19 December 2022 01:07 PM
ඕස්ට්‍රේලියාවේදී තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා "නයිට්-ක්ලබ්" කප් එක අපිත් ගත්තේ ලෝකෙටම පේන්නම...
Santhu Monday, 19 December 2022 04:28 PM
වසර 36ක් පාපන්දු ලෝකයේ කිරුළ නොලැබුනද, ලෝක පතල ආර්ඡෙන්ටිනාවේ මැරඩෝනා නාමය, වසර 36 කට පසුව කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඡයග්‍රහනය වෙනු වෙන් සුබ පැතුම්!