පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමින් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 2,141 ක් වූ අතර, තුන්වැනි කාර්තුවේ බදු-පසු ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට 30.8 කින් වර්ධනය වී, රු. මිලියන 1,039 ක් ලෙස වාර්තා වී තිබේ.
අක්‍රීය ණය ගාස්තු සහ වෙනත් අලාභය ආපසු හැරවීම ඔස්සේ ළඟා කරගෙන ඇති මෙම වර්ධනය, PLC සමාගමේ මූල්‍ය විශිෂ්ටත්වයට හා ක්‍රමෝපායික මූල්‍ය කළමනාකරණයට මනා සාක්ෂියකි.
අදාල කාලසීමාව තුළ පොලී ආදායම සාමාන්‍ය මට්ටමක පැවතුණද, 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුව තුළ ශුද්ධ පොලී ආදායමේය සියයට 2.8 ක වර්ධනයක් වාර්තා කරගැනීමට PLC සමත් වූ අතර, එය කාර්යක්ෂම මූල්‍ය ක්රමෝපායන්ට සහ විචක්ෂණශීලී කළමනාකරණ ක්‍රමවේදවලට සාක්ෂි දරයි.
ණය ගුණාත්මකභාවය වැඩිදියුණු කරගනිමින් අයවිය යුතු මුදල් එක්රැස් කිරීම ප්‍රවර්ධනය කිරීම මගින් යහපත් ප්‍රතිඵල ළඟා කරගැනීමට සමාගම සමත් වී ඇති අතර, 2023 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ සමාගමේ අක්‍රීය ණය ආපසු හැරවීම මගින් ලැබුණු මුදල රු. මිලියන 114 ක් විය. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුව තුළ අක්‍රීය ණය ආපසු හැරවීම සියයට 94.4 කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ශේෂ පත්‍රය සහ ණය හා අයවිය යුතු මුදල් යහපත් මට්ටමකට රැගෙන ඒම සඳහා අඛණ්ඩව අවධානය යොමුකරන අතරම, වෙනස් වන වෙළඳපොළ තත්වය තුළ පැවති යහපත් ව්‍යාපාරික පරිසරයක් තුළ ශක්තිමත් ලෙස ඉදිරියට යාමට PLC සමත් වී තිබේ. 2023 දෙසැම්බර් 31 දින වනවිට සමාගමේ සමස්ත වත්කම් පදනම රු. මිලියන 156,007 ක් වූ අතර, නිකුත් කළ සමස්ත ණය සහ අයවිය යුතු මුදල් එකතුව රු. මිලියන 102,275 ක් විය.
මීට අමතරව, 2023 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 තුළ බදු-පසු ලාභය සියයට 23.2 කින් වර්ධනය කරගැනීමට PLC සමූහ ව්‍යාපාරය සමත් වී තිබේ. සමූහයේ සමස්ත වත්කම් සහ ණය හා අයවිය යුතු මුදල් එකතුව තෘප්තිමත් මට්ටමක පවතින අතර, එය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයකු ලෙස PLC සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන මනා සාධකයකි.
-595
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ඊ පි ඩි පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පීපල්ස් ලීසිං බදු-පසු ලාභයේ සියයට 30.8 ක වර්ධනයක්