(ඩයනා උදයංගනී)
පාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර නිසා යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බවට වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින් විටින් විට පෙන්වා දී තිබූ බව ද එහි සඳහන් වේ.
නමුත් බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනයේදී සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද භාවිත කෙරෙන බවත් 1511.90.10 සුසංගත කේතාංකය සහිත ප්‍රභේදය එවැන්නක් බවත් එහි දැක්වේ.
එය ව්‍යවහාරයේ දී පාම් ස්ටියරින් ලෙස හඳුන්වන අතර අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු පිණිස මෙම ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නැතැයි ද නිවේදනයේ සඳහන් කර ඇත.
වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතල විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරනු ලැබුවත් සායනික අවශ්‍ය සඳහා එතනෝල් ආනයනයට ඉඩ දී ඇති බවත් පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරයද එබඳු එකක් බවත් එහි සඳහන්ය.
කටුපොල් වගාව මගින් ජල මූලාශ්‍ර සිඳීයාම සහ පස නිසරු වීම වැනි දිගුකාලීන අහිතකර පාරිසරික ප්‍රතිවිපාක ඇති කරන බව කලෙක සිට පර්යේෂණවලින් තහවුරු කර තිබෙන බැවින් කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මීට මාස 06කට පමණ පෙර ජනාධිපතිතුමා උපදෙස් දුන් අතර දැනට තිබෙන කටුපොල් වගාව අදියරෙන් අදියර ගලවා ඉවත් කොට එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගා කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත
නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පාම් ඔයිල් තහනම් කළ හේතුව කියයි
sharm warn Friday, 09 April 2021 06:48 AM
කොහොම කිව්වත් පාම් තෙල් අපිට අගුණයි. ඉස්සර බේකරි නිෂ්පාදන වලට ගත්තේ පොල්තෙල් වලින් හැදුන මාගරින්. රටේ මිනිස්සුන්ට හෙන ගැහැව්වත් කමක් නැ මට ලාභ ලැබෙනවා නම් කියන ප්‍රතිපත්තියේ ඉන්න නිසා නේද මේ වැඩ කරන්නේ?