IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පියාගේ අපලය දුරුකරන්න ගිහින් දියණියට අපලයක් පාත් වේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දූෂණයකට ලක්ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී ඇතැයි කියති.

පුද පූජා පවත්වා දින අටකට පසුව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසුව කපුවා එම දැරිය සමග නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දින 8ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා පරලවී දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.

දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇතැයි එම නිලධාරියා පැවැසීය.

ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුට හෝ නොකියන ලෙස දැනුම් දී ඇති බවත් කාට හෝ පැවසුවහොත් පවුල පිටින්ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

දැරිය මේ බව ඇගේ නැන්දනියට දැනුම් දීමෙන් පසුව ඇය ඒ සම්බන්ධයෙන්  පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා  මිත්‍යා විශ්වාස පසුපස ගොස් අහිංසක දැරියකගේ ජීවිතය අඳුරු කර ඇති බවත් මෙවැනි වංචාකාරයන්ට පසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්  පැවසීය.

දැරියක මේ ආකාරයට කාමරයක පිරිමියකු සමග තනිකර යෑමෙන් එම දැරියගේ මවුපියන් කර ඇත්තේ ද බරපතළ වරදක් බව ද අජිත් රෝහණ මහතා කීවේය.

මවුපියන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙම දැරිය වැඩිවියටවත් පත් වී නැති බව ඇයගේ මව පොලිසියට පවසා ඇතැයි කියති.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ සහ ගාල්ල සහකාර පොලිස් අධිකාරී ජගත් සමරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ ඕපාත පොලිස් ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිම ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (11)

පියාගේ අපලය දුරුකරන්න ගිහින් දියණියට අපලයක් පාත් වේ

jamparayaa Monday, 06 February 2023 11:32 PM

අදෘශ්‍යමානයක පල විපාක .රැවටෙන්න එපා

:       0       1

පැරකුම් Monday, 06 February 2023 11:36 PM

මේවගේ මෝඩයො ඉන්නකං රට ගොඩදානව බොරු වෙනද වගේම දියවන්නාව ජඩ දේශපාලුවන්ගෙන් පිරී ඉතිරෙයි.

:       0       23

නිමල් Tuesday, 07 February 2023 03:34 AM

මේ වගේ මිනිස්සුත් එක්ක රට බංකොලොත් වෙලාවත් ඉතිරිවෙච්ච එක ලොකු දෙයක්.

:       0       22

චන්දන Tuesday, 07 February 2023 07:22 AM

මේ තරමක් දියුණු ලෝකයක මෙවැනි මිත්‍යා මත පසුපස යන අය තවමත් ඉන්න එක ගැන සැබවින්ම කණගාටුදායක යි .

:       0       17

කපුරාළ Tuesday, 07 February 2023 07:51 AM

ද වරම ඇත්තේ සරම අස්සේ... කෙල්ල්ගේ මහ එවුන්ට ඒක නොතේරුනේ කෙල්ලට වරමක් අරගෙන මිනිස්සු හූරන් කන හොර බිස්නස් එකේ රහ වැටිලා තිබුනු නිසයි... මහ එවුන් හිරේ දාන්න ඕනි මේවට

:       0       17

නිහාල් Tuesday, 07 February 2023 07:55 AM

මෝඩ දෙමාපියන්. මේ අයටත් ඡන්ද අයිතිය ඇති රටක අපි ජීවත් වෙන්නේ කියලා හිතෙනකොට බය හිතෙනව.

:       0       15

Perera Tuesday, 07 February 2023 09:09 AM

මෙ වගෙ මොඩ මිනිස්සු බහුතරයක් ඉන්න රටක නුසුදුසු පුද්යින් බලයට පත් කරගැනීම නැවැත්විය නොහැක.

:       0       8

Halpe Tuesday, 07 February 2023 09:29 AM

මෙවැනි සිදුවීම් කාලයක සිට වාර්තාවේ. කොතරම් දැනුවත්කළත් වැඩක්වී නැත. හොර කපුවන් වරම් දෙනබව කියා කාන්තාවන් දූෂණය කරති. ඒවා මාධ්‍යට වාර්තාවෙන්නේත් නැත. බක්තියෙන් හිස අවුල්කරගත් අයට බුධිය නැත.

:       0       18

sharm warn Tuesday, 07 February 2023 09:58 AM

මෙ වගෙ කතා මෙච්චර ජන මාද්‍ය වලින් ප්‍රචාරය වෙද්දි මෙ මව්පියන් මෙ තරම් අමනොඥ තාලෙට වැඩ කලා කියන්නෙ.. ඉතින් හොරුන්ට චන්‌දෙ දන්න අයම වෙන්න ඔන.. මම හිතනව මෙ මව්පියන් දේපලත් දඬුවම් ලැබිය යුතුයි. . තමන්ගෙ පොඩි දරුවෙකුට මෙච්චර හානියක් කරන්න ඉඩකඩ හැදිලා ඇස් කන් පියාගෙන උන්නා කියන්නෙ.. අයියො මෙ රටෙ මිනිස්සු...

:       0       6

rangana Tuesday, 07 February 2023 10:55 AM

ළමා රක්ෂණ අධිකාරිය ඇයි මේ ළමයාගේ දෙමව්පියන්න්ට විරුද්ධව නිතිය ක්‍රියත්මක නොකරන්නේ . ළමයෙක් අනාරක්ෂිත කිරීම , ළමා අපයෝජනයකට අනුබල දීම

:       0       4

fairoos Tuesday, 07 February 2023 12:23 PM

කොච්චර දැනුවත් කරලත් මෙහෙම වෙනවා කියන්නේ ලංකාවේ නීතියෙන් මේ අයට දෙන දඬුවම ලිහිල් නිසා .එලියට ඇදලා අරගෙන ලාච්චුවේ තියලා හිරකරානම් මේ අය බයවෙනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1083 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 280 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2152 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 258 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 614 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2524 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site