සිය පියාගේ ඝාතකයන්ට සමාව දුන් බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ පුඩුචෙරිහිදී පැවැසීය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් එල්ල කරන ලද ප්‍රහාරයකින් රාහුල් ගාන්ධිගේ පියා වන ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා මරණයට පත්විය.
‘‘මට මහත් වේදනාවක් දැනුණා. ඒත් දැන් මට කේන්තියක් නැහැ. මට කවුරුවත් ගැන තරහක් නැහැ. ඔව්, මට මගේ තාත්තා නැතිවුණා. ඒක දුෂ්කර කාලයක්. ඒක නිසා කවුරුහරි ඔයාගේ හදවත කපලා ගත්තා වගේ. මට කියාගන්න බැරි දුකක් ඇතිවුණා. ඒත් මට කේන්තියක් නැහැ. මං කාටවත් වෛර කරන්නේ නැහැ. මම සමාවදෙනවා’’ යැයි රාහුල් ගාන්ධි කීය.
ඉන්දියාවේ පුඩුචෙරි හි පිහිටි කාන්තාවන් සඳහා වන භාරතීදාසන් රජයේ විද්‍යාලයේ දී හෙතෙම ඒ බව පැවැසීය.
ඔහු පැයකට ආසන්න කාලයක් සිසුන් සමඟ කාලය ගත කළ බව ද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.
සිය පියා ඝාතනය කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇත්තේ කුමන ආකාරයේ හැඟීමක්දැයි සිසුන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාහුල් ගාන්ධි මහතා එම කරුණු පැවැසීය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා දඬුවම් ලබන සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වන මොහොතක රාහුල් ගාන්ධි මහතා මෙම අදහස් පළ කළේය.
දේශපාලනය හේතුවෙන් සිය පියා සහ මිත්තණිය මෙන්ම එරට හිටපු අග්‍රාමාත්‍යවරිය වන ඉන්දිරා ගාන්ධි අහිමි වී තිබියදී දේශපාලනයට පිවිසියේ ඇයිද යන ප්‍රශ්නය ද මෙහිදි යොමු වූ අතර ඊට පිළිතුරු දුන් රාහුල් ගාන්ධි මහතා මෙසේ ද කීය.
‘‘මේක තේරුම්ගන්න. ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. ප්‍රචණ්ඩත්වයට ඒ බලය නැහැ. ඔබට ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඒත් ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. අද ඔබ ගොඩක් දේවලට ඇහුම්කන් දුන්නා. ඒ සියල්ල මට ලැබුණේ මගේ තාත්තගෙන්. මගේ තාත්තා මා හරහා කතා කරනවා. ඒක නිසා අද මගේ තාත්තා මෙතැන කියන දේ හිතන්න අවශ්‍ය නැහැ’’.
(ද හින්දු ඇසුරිනි)
055
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පියාගේ ඝාතකයන්ට සමාව දුන්නා - රාහුල් ගාන්ධි කියයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 February 2021 01:08 PM
රජීව් ගාන්ධි මහතා උතුරේ ද්‍රවිඩ අන්තවාදීන්ට බොහෝ සේ උදව් උපකාර කළා. ජාත්‍යන්තර නීතිරීති පවා නොසලකා කොටුවී සිටි කොටි ත්‍රස්තයින්ට ගුවනින් ආහාර දැම්මා. අවසානයේ එම කොටින්ම රජීව් ගාන්ධි මහතාව ඝාතනය කළා. අන්න ඒ වගේ අන්තවාදීන්ට උදව් කිරීමට තමයි මෝදි මහතාත් උත්සාහ දරන්නේ. යකාට උදව් දෙන්නේ බලාගෙනයි. සලකනකං යකා හොඳයි. සලකන එක නවත්තපු ගමන් යකා බිලි ගන්නවා ගන්නවාමයි. ඔන්න මෝදි මහත්තයෝ.., විග්නේෂ්වරන්ලා, ශිවාජිලිංගම් ඇතුළු කල්ලියට කිරි පොවන්නේ බලාගෙනයි. උදාහරණ ඔබතුමා ඉන්න රටෙන්ම පේන්න තියෙනවා. ඔන්න අපි නොකිව්වා කියා කියන්නෙපා... හොඳද?
SAMANThursday, 18 February 2021 11:48 PM
දකුණේ නාමල් කුමාරලාගේ ජවනිකා මෙන් උතුරේ අරුන් සිද්දාර්තන් ගේ මතුවීම සහ ජවනිකාව කෙසේ අවසාන වේද? ඔහුගේ ප්‍රකාශ හැඟීම්වලට සහ ජාතිවාදී කෝණයෙන් නොබලා බුද්ධියෙන් කටයුතු කොට තේරුම් ගත යුතුවේ.
මනෝජ් Thursday, 18 February 2021 03:21 PM
දැන් කොහොමත් කරන්න වෙන දෙයක් නෑ.
Ruhunu Thursday, 18 February 2021 04:40 PM
ඡන්දයක් දිනාගන්න දේශපාලකයෝ මොනවද නොකරන්නේ?
පිටිගල මිලානෝ Thursday, 18 February 2021 05:18 PM
ඝාතකයා මැරිලා වලලපු තැන් ගසුත් පැලවුණාට පස්සේ සමාව දෙනවලු... පුදුම විහිලුවක්... ඇයි දැන් මරපු අයගෙන් පලි ගන්නද හදන්නේ?
නිමල් Friday, 19 February 2021 02:22 AM
අවෛරය සහ සමාව දීම බුදු දහමටද අනුකූලයි.
anuraTuesday, 23 February 2021 03:30 AM
අවෛරය හා සමාජයට හානිකර හා අහිතකර පුද්ගලයන් එක තැනක ගාල් කර තැබීම තව එකක්. මේ දෙක පටලවා ගතහොත් මහා කරදරයක වැටෙන්නේ...
vikum Friday, 19 February 2021 05:06 AM
දේශපාලනය වෙනුවෙන් මිනිස්සු කුමක් නොකරන්නේද යන්නට තවත් කදිම නිදසුනක්...
Bamunuarachchi Monday, 22 February 2021 04:48 AM
ලංකාවේ බොහෝ මිනිස්සු හිතන්නේ ඔබ අනුවණ කෙනෙක් හැටියට. පියා මරපු එකේ පලිය ගත්තා නම් හොඳයි කියලා හිතනවා. එහෙම වුණා නම් මම හිතන්නේ අපි එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මැරුවා කියලා.