(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම , කකුල්කටුවේ පිහිටි තම පියාගේ ව්‍යාපාරික ස්ථානය කඩා බිඳ දමා එහි තිබු රුපියල් නවලක්ෂ හාරදහස් එකසියයක් වටිනා මුදල් හා දේපොළ සොරා ගත්තේ යැයි කියන නාවික හමුදාවේ සේවය කරන ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත්‍රයා හා පෞද්ගලික මුල්‍ය සමාගමක සේවය කරන ඔහුගේ මිතුරා මුදිතාගමදි අත් අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, මුදිතාගම පදිංචි වැලිසර ප්‍රදේශයේ නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා භටයෙතු සහ රාජාංගණය,යාය 15,පහළ මාරගහවැව පදිංචි 37 හැවිරිදි පුද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙකි.
මෙම පුත්‍රයා සහ ඔහුගේ මිතුරා, සිය පියා වෙළදසැල වසා දමා පසුගිය ජුලි 29 වන දින කුසුම්පුර පිහිටි මිතුරෙකුගේ උත්සවයකට සහභාගි වෙමින් සිටියදි පියාගේ වෙළද සැලට ඇතුලුවි එහි තිබු සිසිටිවි කැමරා පද්ධතියද ගලවා ගෙන මෙම මුදල් දේපල සොරාගත් බවට චෝදනා ලැබ සිටිති.
නොච්චියාගම,කුකුල්කටුවේ පදිංචි 62 හැවිරිදි ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියට කළ පැමිණිල්ල මත ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුතා සහ ඔහුගේ මිතුරා මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම වෙළද සැලේ සවිකර තිබු සිසිටිවි පද්ධතියේ කොටස් කිහිපයක් රාජාංගණය ප්‍රදේශයේ තේක්ක කැලයක දමා තිබියදි සොයා ගත් බව පොලිසිය කියයි.
තම පියා තමන්ට හෝ තම සොයුරියට කිසිදු මුදලක් නොදෙන බවත් වෙළද සැලෙන් කුමන හෝ බඩුවක් ගත හොත් ඒ සදහාද මුදල් අය කරන නිසාත් තමන් මෙලෙස වෙළද සැල කඩාබිද මුදල් සොරාගත් බව සැකකාර පුත්‍රයා පොලිසියට පවසා තිබේ.
සැකකාර පුත්‍රයා හා මිතුරා අද (23)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පියාගේ වෙළෙඳසැල බින්ද පුතා-මිතුරා අත්අඩංගුවට
Pradeep Sunday, 23 August 2020 12:02 PM
දහ දුක් විඳලා උස් මහත් කරපු එකට වන්දි ගෙවන විදියද මේ.