IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පියුමිගේ ව්‍යාපාර ගැන අධිකරණය අද දුන් නියෝගය

(රෝෂන් තුෂාර)

නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ සම් ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදා හැරීමේ ව්‍යාපාර කටයුතුවලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවන්නේ ද යන්න පිළිබඳ ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණුු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසී නිකුත් කරමින් අද (07) නියෝග කළේය.

පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ. තම සේවාදායිකාවගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නිති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කිරීම හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට බාධා පැමිණ ඇති බවය.

මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සිය සේවා දායිකාවට සිදුවන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (9)

පියුමිගේ ව්‍යාපාර ගැන අධිකරණය අද දුන් නියෝගය

ගුණරත්න Friday, 07 March 2025 08:14 PM

මාලිමාවුන් ආවාට පස්සේ පොලිසියේ අය තමන්ට අදාළ නැති රාජකාරි කරනවා, සුද්දියන්ට අඩන්තේට්ටම් කරනවා... කාන්තාවන්ට අතවර කරනවා, කෝ ඉතින් ඔය මාලිමාවුන් කියපු වගවීම...?

:       55       22

ලූට මූස්Friday, 07 March 2025 09:44 PM

අගුනේ අයියා, ඕවා එකක්වත් ඒකාලෙ සිද්ධ වුනේ නෑ නේ…?

:       6       39

ප්‍රියන්තFriday, 07 March 2025 09:53 PM

මේ ගුණරත්න චිංචිමාලිගේ සේවා ලාභියෙක් වගේ…!

:       7       41

පොඩිඑකා Friday, 07 March 2025 09:46 PM

වෙන වෙන සේවා දායකයන්ගෙන් ප්‍රශ්න කරලා වෙන වෙන සේවාවන්ට බාධාවෙලා නැතෙයි…?

:       4       26

පිංපියා Friday, 07 March 2025 09:50 PM

ගණුදෙනු කාරයින්ගෙන් ප්‍රශ්ණ කරලා අනිත් බිස්නසුත් බැහැලාද?

:       4       25

රම්බොඩ Friday, 07 March 2025 10:00 PM

කැකිල්ලේ දේවල් තමයි දැන් වෙන්නේ. අන්තිමට හොරා එළියේ පොලීසිය ඇතුළේ. රටම උඩු යටිකුරු වෙලා මහා විනාශයක් වෙන පෙරනිමිති තමයි මේ...!

:       18       18

ප්‍රියන්තSaturday, 08 March 2025 02:48 AM

ඒකනං ඇත්ත රම්බොඩ අප්පු, ඔයාගෙ ආදරණීය හොර හැත්තට මහ විනාශයක් තමයි වෙන්න යන්නෙ

:       2       14

කව්ද බෝයි Friday, 07 March 2025 10:16 PM

පෙනෙන හැටියට ගුණේ අයියට මලිමාවෙක් බලපෑම් කරලාද කොහේද? මේක අපෙ ගුණේ අයියගෙ බජව් දාන කාමරේ...

:       0       3

de silva berlin Saturday, 08 March 2025 02:37 PM

මේක මුදල් විශුධිකරණ, එහෙම නැතිනම් කළු සල්ලි සුදු කරන ජාවාරමක් සම්බන්ධ නඩුවක්, එහෙම විමර්ශනයකදී, විමර්ශකයන්ට සිද්ධ වෙනවා... බිල්වල නම සඳහන් පාරිභෝගිකයින් සත්‍ය වශයෙන්ම සිටිනවාද? එහෙම නැතිනම් බොරු (FAKE Customers ) ලද, බිල්වල සදහන් මිල ගණන් සත්‍යද, කියලා සහතික කරගන්න. එහෙම වුණාම ලෝකේ මොන රටේ වුණත් විමර්ශකයෝ මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන එක සාමාන්‍ය දෙයක්..., ආදායම් බදු දෙපාර්තමේන්තුවට වුණත් අපි ලිය කියැවිලි ඉදිරිපත් කළාම ඒවාගේ සත්‍ය අසත්‍ය භාවය පරික්ෂා කරලා බලන්න නිලධාරීන්ට නීතියෙන් ප්‍රතිපාදන ඇත..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1311 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 476 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 152 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 430 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 776 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 277 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site