IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

(ගයාන් සූරියආරච්චි)

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවැසීය.

ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා එම කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරීයා කීය.

නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සදහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබදව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මේවන විට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය රුපියල් ලක්ෂ 780 කට මිලකට මිලදී ගෙන තිබුණි.

එමෙන්ම පියුමි හංසමාලි විසින් කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවෙසක් ද මිලදී ගෙන තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුව පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් විසින් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉකුත් දා අධිකරණයෙන් අවසර ලැබී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිසිපත් රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරී සුජීව විජයසේන, සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ඉදිරි විමර්ශන සිදුකරති.

 



අදහස් (4)

පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

dasun Monday, 24 June 2024 06:07 AM

නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ කෙරුවාවල් ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි

:       0       7

Rajun de Silva Monday, 24 June 2024 06:15 AM

ලංකාවේ මාස දෙක තුනකට සැරයක් ගෑණියෙක් අල්ල ගෙන ඒකි නිරුවත් කරනවා. ඉස්සර හොලිවුඩ් නිළියන්ට කළා වගේ. කවුරුවත් කතා කරන්නෙ නෑ ඇයි අර රේන්ජ්රොවරේ ඒ යකා ගෝඨාට දුනේනේකියල. ඒක අල්ලසක් කියල හොදටම පැහැදිලියී. මේ ගෑණි ගස් බදින්න ඉස්සර වෙලා ඒක හොයල හිටපියවු.

:       4       8

වාසල ජයම්පති Monday, 24 June 2024 02:56 PM

ව්‍යාපෘති සඳහා වැය කර ඇත්තේ ව්‍යාපෘති මුදලින් 40%ක් පමණක් බවත් බොහෝ වැඩකටයුතු අවසන් වී නොමැති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කර මේ කියන්නේ ගජමිතුරන් විසින් අවභාවිතා කරන ලද බිලියන ගණනක මහජන මුදල් ගැනය. හැමදාම නිකරුනේ කතන්දර හදනවට වඩා මේ සම්පත් වියදම් කරලා මේ දූෂණ හොයන්න බැරි ඇයි?

:       1       1

upul Monday, 24 June 2024 05:08 PM

නැව් ගියපු පාරවල් සේරම මූදේ ඇඳෙන එකක්යැ. ඉතිං නැවක් යනවා කියන්නෙම සල්ලි තමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 303 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 731 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 433 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 779 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1304 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 552 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37636 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site