IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පියුමා යළි රිමාන්ඩ්

(විමුක්ති එස් රුද්‍රිගු)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ දොන් පියුම් හස්තික නොහොත් පියුමාව ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (04) නියෝග කළාය.

රක්ෂිත දීර්ඝය සඳහා අද (04) පියුම් හස්තිකව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියුම් හස්තිකව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්තුමියගෙන් ඉල්ලා සිටියේය. පසුගිය වාරයේදී ලබාගත් නියෝගය මත ප්‍රධාන පෙළේ බැංකු 5 ක පියුම් හස්තිකගේ නමට ඇති බැංකු ගිණුම්වල වාර්තා ලබා ගෙන ඇති බවත් එම වාර්තා විමර්ශනය කරමින් සිටින බවත් පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී ප්‍රකාශ කළේය.

එහිදී දොන් පියුම් හස්තික වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිළිණ වීරසිංහ මහතා කියා සිටියේ වෙනත් පාර්ශ්වයන්ගෙන් ප්‍රධාන පෙළේ බැංකු 5 ක ඇති ගිණුම් වලට මුදල් වැටී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එල්ල කර ඇති චෝදනාව අසත්‍යයක් බවයි.

දොන් පියුම් හස්තික නොහොත් පියුමාට එරෙහිව පානදුර අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව රතු වරෙන්තු නිකුත් කරනු ලැබූ අතර එම වරෙන්තු ක්‍රියාත්මක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොන් පියුම් හස්තිකව අත් අඩංගුවට ගෙන ඩුබායි සිට ගෙන ආවේය. අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරමින් දින 90 කාලයක් රැඳවුම් බාරයේ තබාගත් අතර රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු පියුම් හස්තිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොටුව අධිකරණයේ පූර්වගාමී විනිසුරුවරයා නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ තිළිණ වීරසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පියුමා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 71 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5340 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 821 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4106 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3759 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2480 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16862 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site