IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පියා පැදවූ රියෙන් විසිවී කුඩා දැරියක් මරුට

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි කුඩා දැරිය රිය පදවමින් සිටි පියාගේ ගෙලෙහි එල්ලීම නිසාවෙන් දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ දී  සිදු වූ අනතුරකින් කුඩා දැරියක්  මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ත්‍රීරෝද රථය පැදවූ පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මිත්තනිය ද සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මියගිය දැරිය මිත්තණිය, මව හා පියා සමග තීරෝද රථයෙන්  මීගමුවට ගොස් තිබූ අතර මව රැකියාවට යාම සඳහා මීගමුවෙන් බැස ඇතැයි පොලිසිය කියයි.

දැරිය මිත්තණිය සමඟ ත්‍රීරෝද  රථයේ පිටුපස අසුන්ගෙන  නිවස කරා පැමිණ ඇති අතර පියා ත්‍රීරෝද  රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී දැරිය දිවුලපිටිය කඩවල ප්‍රදේශයේදී එකවරම පිටුපස සිට පියාගේ ගෙල බදාගෙන ඇති අතර එම අවස්ථාවේදී පියාට ත්‍රීරෝද  රථය පාලනය කර ගත නොහැකි වී  මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් විදුලි කණුවක ගැටීමත්  සමගම දැරිය ත්‍රීරෝද රථයෙන් පිටත විසි වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරින් තුවාල ලැබූවන්  මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මියගොස් ඇති අතර පියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.

දිවුලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අධිකාරි මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පියා පැදවූ රියෙන් විසිවී කුඩා දැරියක් මරුට

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජන බලබලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 576 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 778 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 1867 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2582 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 352 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 871 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 261 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site