IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පියා මළ බව නොදත් පුතු තෙදිනක් සා ගින්දරේ

 (කේ. බුද්ධික කුමාරසිරි)

තම පියා නිවස තුළ මියගොස් දින තුනක් ගත උවත් ඒ පිළිබදව නොදැන නිරාහාරව නිවසේ ඇඳක් මතට වී සිටි විශේෂ අවශ්‍යතා සහිත 20 හැවිරිදි පිරිමි දරුවකු අතුරුගිරිය ඔරුවල මිලේනියම් සිටි ප්‍රදේශයේ නිවසක දී අද (04) දින සොයා ගැනීමට හැකි වූ බව  අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේඅතුරුගිරිය මිලේනියම් සිටි කලාප අංක 05 හී පදිංචිකරුවකු වන මානවඩුගේ අමිත් විමුක්ති ද සිල්වා නමැති 64 හැවිරිදි එක්දරු පියකු වන ව්‍යාපාරිකයෙකි.

නිවස තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමඟින් ව්‍යාපාරිකයෙකු වන  ඔහුගේ පියා ජීවත්ව තිබේ.

දින තුනක පමණ කාලයක සිට ඔවුන්ගෙන් දුරකථන ඇමතුමක්වත් ලබා නොගැනීම නිසාවෙන් ඔවුන්ගේ ඥාතීන් එම නිවසට පැමිණ සොයා බැලුවද දොර ජනෙල් වසා තිබූ බැවින්  ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ නිවසෙයි ඉදිරිපස දොරගුළු කඩා නිවස තුළට ඇතුළු වී සොයා බැලීමේදී එහි නාන කාමරයේ ඉදිරිපිට ලේ පැල්ලම් සහිතව මුනින් අතට වැටී සිටි නිවසේ හිමිකරුගේ මෘත දේහය හමුවු බව පොලිසිය පවසයි.

ඒමෙන්ම නිරාහාරව සිටි දරුවා නිවසෙහි කාමරයක ඇඳක් මතට වී ගුලි වී සිටින ආකාරයක් පොලිස් නිලධාරීන් දැක ඇත.එම තරුණයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමට නියමිත වේ

මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳ වසර අටකට පමණ පෙර  රැකියාවක් සදහා විදෙස් ගතව ඇති බවත් ඇය විසින් එවන මුදලින් දෙදෙනා ජීවත් ව ඇති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

 



අදහස් (0)

පියා මළ බව නොදත් පුතු තෙදිනක් සා ගින්දරේ

ඔබේ අදහස් එවන්න

දියත

අඹුසැමි යුවලගේ සිරුරු නිවසකින් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 06 122 0

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි .වැලිපැන්න මුස්ලි


අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පක්ෂ රැසක් අර්බුදයක
2024 ඔක්තෝබර් මස 06 242 0

දූෂණ වංචා චෝදනා එල්ල වූ විශාල පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී තරග කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් අපේක්ෂක ලැයිස්තුවලට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දේශපාලන ප


මැතිවරණ
2024 ඔක්තෝබර් මස 06 19 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


ආනයනික අල ලොකු ළූණු තොග මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 06 130 0

අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල ව


පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 818 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 605 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39145 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25590 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site