IMG-LOGO

2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා


පරීක්ෂණයක් ඉල්ලා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් සී අයි ඩීයට යති

(ඉන්දිකා රාමනායක)

පාස්කු ප්‍රහාරය සහ  එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව   සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්  වන   හරීන්  ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන  මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ   සම්බන්ධයෙන්  පරීක්ෂණයක් පවත්වා  සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසට  ඉල්ලා පොදුජන  පෙරමුණේ   නවක මන්ත්‍රි කණ්ඩායමක් අද  (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත්   කළහ.

පාස්කු  ප්‍රහාරය සම්බන්ධයෙන් අදිසි  හස්තයක් පිළිබඳව මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා එයට වගකිවයුතු යැයි  කියන  යම් පුද්ගලයන්  පිළිබඳව තමන් දන්නා තොරතුරු ඇති බවට  ලේඛණ ඉදිරිපත් කරමින්    මන්ත්‍රිවරප්‍රසාද  වලට මුවා වී කරුණු  ඉදිරිපත් කළ බවත්,  මෙම කරුණු ජාතික ආරක්ෂාවට වැදගත්  විය හැකි හෙයින්    එම ප්‍රකාශවල කරුණු   පාස්කු පරීක්ෂණ සදහා අදාල කරගන්නා ලෙසට  මන්ත්‍රිවරුන් සිය පැමිණිල්ල මගින්  ඉල්ලා තිබිණි. 

මෙම අපරාධ සම්බන්ධයෙන්  දන්නා කරුණු  සැඟවිමට ඉඩ නොදිය යුතු බවත්, පාර්ලිමේන්තු  වරප්‍රසාද මුවාවී  මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ දේශපාලන වාසී ලබා ගැනීමට උත්සහ ගන්නා බවට  තමන්ට හැගෙන නිසා  මේ  සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වන ලෙසට ද මන්ත්‍රිවරුන් සිය පැමිණිල්ල මගින්  ඉල්ලා සිටියහ.

නවක මන්ත්‍රිවරුන් 40 දෙනා ගේ  අත්සනින් යුත්  පැමිණිල්ල රැගෙන සංජීව  එදිරිමාන්න,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කුට්ටිආරච්චි  යන  මන්ත්‍රිවරුන් පිරිස ඊයේ පස්වරු 1.30 පමණ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි මෙම පැමිණිල්ල  ඉදිරිපත් කර තිබිණි.

 (  ඡායාරූප - ශාන්ත රත්නායක) 

 



අදහස් (4)

පරීක්ෂණයක් ඉල්ලා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් සී අයි ඩීයට යති

Pradeep Wednesday, 21 April 2021 05:19 PM

මේකත් නාට්‍ය පිටපතේ එක ජවනිකාවක් විතරයි. පාස්කු ප්‍රහාරයට වග කිවයුතු අය ඇල්ලීමත්, බැදුම්කර වංචනිකයින් ඇල්ලීමත් හරියට තාජුඩීන්ගේ මිනිය වගේ තමයි. විටින් විට උඩ එනවා නැවත යට යනවා. කවදාවත් විසදන්නෙ නම් නෑ. අහිංසක මිනිසුන්ගේ ලේ කදුළු මතින් බලයට ආවාට ඕවට රිටර්න් එකක් ලැබෙන දවසකුත් එනවා.

:       0       5

Banda Wednesday, 21 April 2021 05:43 PM

කුලියට කහින සෙට් එකක්

:       1       6

hhh Thursday, 22 April 2021 05:20 AM

කුලියට කහින සෙට්...

:       1       3

fairoos Thursday, 22 April 2021 07:26 AM

හැමදාම කළේ පරීක්ෂණ විතරයි. ඒකත් දේශපාලන වාසියට..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නත්තලට -උත්සව සමයට ලංගම අතිරේක බස්
2024 දෙසැම්බර් මස 24 20 0

නත්තල හා උත්සව සමය නිමිත්තෙන් අද (24) අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.


‘කුෂ්‘සඟවා පැමිණි විදේශිකයා කටුනායකදී මාට්ටු
2024 දෙසැම්බර් මස 24 100 0

රුපියල් කෝටියක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ර


අද වැස්ස නැති දවසක්
2024 දෙසැම්බර් මස 24 62 0

ඌව පළාතෙත් හම්බන්තොට,රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ


පන්දහසක අල්ලසට යට වූ සැරයන්
2024 දෙසැම්බර් මස 24 300 0

මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ ස


අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක්
2024 දෙසැම්බර් මස 24 2058 0

රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හ


ලාභ නොබෙදුවාට මණ්ඩලේ කචල්
2024 දෙසැම්බර් මස 24 1164 0

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා මෙවර නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතුවූ අර්බුදකාරී තත්වය ලොකු පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 72 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 46 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site