(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසු ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යවා ඇතැයි පාරිභෝගික සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම පරීක්ෂණයේ වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතව ඇතැයි පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
ඒ වාර්තාවෙන් අනාවරණය කෙරෙන තොරතුරු පාර්ලිමේන්තුවට ලබන සදුදා ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරීක්ෂණ කටයුතු සඳහා ගෑස් සාම්පල ඛනිජ තෙල් සංස්ථාවට
Ratne Saturday, 27 November 2021 05:07 PM
සිලින්ඩර අභ්‍යන්තර පීඩනය මීට පෙර තිබූ තත්ත්වයට වඩා වෙනසක් ඇත්දැයි ද සොයාබැලිය යුතුයි...
විනිවිද Saturday, 27 November 2021 08:06 PM
ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් තුෂාන් ගුණවර්ධන මහතා මීට පෙරද මෙවැනිම සකච්ඡා මහින් ඔහු කරුණු විශාල ප්‍රමාණයක් හෙළිකර ඇත. තුෂාන් ගුණවර්ධන සතොස ආයතනය තුළ තිබෙන්නා වූ දුෂණ හෙළිකිරීම පිළිබඳව අගය කරමු. නමුත් මාධ්‍ය විසින් ඔහුගෙන් ගෑස් සිලින්ඩරය පිළිබද තාක්ෂණික ගැටළු ප්‍රශ්න කිරීම නිසා රටේ ජනතාව දැනගතයුතු පණිවිඩය නිවැරදිව ජනතාවට ලැබෙනවාද කියා ප්‍රශ්නයක් ඇත. ඔහු කියාසිටියේ ගෑස් සංයුතිය පිළිබඳව සහ වෙනත් කරුණු පිළිබඳව ඔහු දැනුවත්ව තිබෙනුයේ ඔන්ලයින් විස්ලිසනය කිරීමෙන් බවයි. එමනිසා ගෑස් සිලින්ඩරය, ගෑස් සංයුතිය සහ කුමන ගස් වර්ගයද? ලංකාවේ නිවෙස්වල අාහාර සකස් කිරීමේදී යොදාගන්නේ දැකිය සාමාන්‍ය මහජනතාවට අවබෝධයක් ලබාදීම සඳහාත් ප්‍රොපේන් හා බියුටේන් පිළිබඳ අවබෝධයක් සහ එ් පිළිබඳ තාක්ෂණික දැනුම සහ හදාරා තිබෙන පුද්ගලයන් ගෙන්වා සකච්ඡා කළයුතු සේම ඒ පිළිබඳව දැනුමැති පුද්ගලයින්ගේ පණිවිඩය ජනතාවට ලබාදිය යුතුව ඇත...
පැරකුම් Saturday, 27 November 2021 05:29 PM
ප්‍රතිඵල එනකන් ඉන්න ඕන නෑ. දැන්ම කියන්නම්. බියුටේන් : ප්‍රොපේන් = 80 : 20 යි. වැරැද්ද අපේ අතේ…! ගෑස් කුකර් පාවිච්චි කරන්න දන්නේ නැතිකම…!
SamanSaturday, 27 November 2021 08:55 PM
80:20 අනුපාතයෙන් කොහොමද මේක වෙන්නේ.තව පැහැදිලි කරන්න පුලුවන්ද?
Hafeel Sunday, 28 November 2021 06:51 AM
එක්කෝ පරීක්ෂණයේ ප්‍රතිඵල සමාගම්වලට අවාසි නම්, සමාගම් කියාවි තුන්වැනි පාර්ශවයෙන් පරීක්ෂණ කළයුතුයි කියලා... ඊළඟට එ්ක පාස්වෙනවා...
නිමල් Saturday, 27 November 2021 06:20 PM
වෙළඳපොළට ගිහිල්ලා අහඹු ලෙස තෝරාගැනීම නේද කරන්න ඕනෑ? චෝදනාව එල්ල වෙලා තියෙන අය එවන සාම්පල ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද?
පැරකුම්Saturday, 27 November 2021 11:16 PM
එහෙම කොහොමද? එතකොට ඇත්ත එළිවෙන එක වළක්වන්න බැහැනේ.
පැරකුම්Sunday, 28 November 2021 01:41 AM
එහෙම කරලා කොහොමද? එතකොට ඇත්ත එළිවෙනවනේ…!
පිටිගල මිලානෝ Saturday, 27 November 2021 07:02 PM
ඊළඟට පිපිරෙන ගෑස් සිලින්ඩරය තිබෙන ප්‍රදේසය කලින්ම කියා අගනා තෑගි දිනාගන්න. ගෑස් නම් සල්ලි, සල්ලි නම් ගෑස්...!
විනිවිද Saturday, 27 November 2021 08:10 PM
තුසන් ගුණවර්ධනගෙන් දූෂණ කරුණු හැර තාක්ෂණික ගැටළු සහ අන් සියල්ල දැනගැනීමට මාධ්‍ය උත්සාහ නොකළ යුතු අතර සහ ඔහුගෙන් ජනතාවට ගෑස් පරිහරණය කළයුතු වන්නේ කෙසේද කියා පණිවුඩයක් ලබාදීම නොකළ යුතු වේ. එපමණක් නොව ලංකාවේ මෙම ගෑස් සිලින්ඩරය කොපමණ කලක් තබාගත හැකිද? සහ එම සිලින්ඩරයේ නිෂ්පාදිත දිනය කිසිවකුට වෙනස් කළනොහැකි ආකාරයට යොදා තිබේද? එපමණක් නොව ගෑස් සිලින්ඩරයේ වර්ණ කේත පිළිබඳව පවා ජනතාවට කිසිඳු දැනුමක් නොමැත. එ් සඳහා සුදුසු පුද්ගලයන් ගෙන්වා නිවැරදි පණිවුඩය සුදුසු පුද්ගලයන් මගින් රටට, ජනතාවට නිසි දැනුවත් කිරීමක් ලබාදීම මාධ්‍යයේ වගකීමකි. සමස්ත ශ්‍රී ලංකාවටම නිසි ප්‍රමිතියක් ලබාදීමට ශ්‍රී ලාංකිකයන් දැනුවත් වියයුතු මෙන්ම එ් සඳහා පෙරමුණ ගතයුතු කාලය පැමිණෙමින් තිබේ.
ලේක්කෝ ගලබඩ Saturday, 27 November 2021 09:21 PM
ස' ගේ ගෙදර ගෑස් සිලින්ඩරයක් තියෙනවාද?
udara Sunday, 28 November 2021 04:53 AM
තල වැපුරුවොත් තල.., මුං වැපුරුවොත් මුං... ලැබෙන්නේ කියලා අපි අපිම ක්‍රියාවෙන් අවබෝධ කරගෙන ඇත. අපිට මේවා හොඳ පාඩම්... හීනෙන් බයවෙලා වගේ ඡන්දෙ දෙනවාට...