IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


පරිගණක පද්දතිය හදන්න දුන් සල්ලි කෝ

(මුදිතා දයානන්ද)

පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විසිඑක් වසරකට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එල්.ආර්.සී. විසින් පෞද්ගලික සමාගමකට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවනු ලැබ ඇතත්, එම පරිගණක පද්ධතිය මේ දක්වා ස්ථාපිත කර නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම විගණන වාර්තාවට අනුව, මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට මුදල් ගෙවා තිබෙන්නේ 2002 වසරේදීය.

වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත නොකර තිබියදී එම මුදල් නැවත ලබාගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබුණද, කොමිසම ඒ සඳහා කටයුතු කර නැත.

මේ සම්බන්ධයෙන් විගණනය වෙත අදහස් දක්වමින් කොමිසමේ කළමනාකාරීත්වය සඳහා කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවස්ථා ගණනාවකදී මහාභාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් විමසා ඇතත් මේ දක්වා නිශ්චිත විසඳුමක් ලැබී නැති බවය.

එසේම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇති බවද, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන බවද කළමනාකාරිත්වය සඳහන් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.



අදහස් (2)

පරිගණක පද්දතිය හදන්න දුන් සල්ලි කෝ

Demuni de Silva Tuesday, 18 April 2023 04:51 AM

රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් නැති බව සහ ඒවායේ අලසකම නැති බව පැහැදිලියි!

:       0       2

මොහොට්ටාල Tuesday, 18 April 2023 09:02 AM

යමක් කරන්න ඉස්සර වෙලා ටෙන්ඩර් කැදවීමක් කර ගිවිසුමක් අත්සන් කරල නේද වැඩක් ආරම්භ කරන්නෙ එහෙම කරල වැඩේ නොකෙරුනාම භාණ්ඩාගාරයෙන් අහන්නෙ මොකටද ගිවිසුම කඩවීම් සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් නේද මෙහෙම නොසැලකිල්ල අවංකභාවය නැතිකම වංචාව අනවධානයෙන් කටයුතු කිරීම සම්බන්ධ යෙන් අදාල අයගෙන් සම්පූර්ණ මුදලත් තවත් මේ වනවිට මුදලේ අවප්‍රමාණයවීමත් බලා සියයට ගණනක් අයකිරීමට කටයුතු කරන්න ඕන ඇත්තටම විගණනයක් කරන්න අවුරුදු කීයක් බලන්න ඕනද කියලා කියන්න එමෙන්ම අදාල ආයතනයේ ප්‍රගති සමාලෝචනයක් කරන්නෙ නැද්ද එම වාර්තා අදාල අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිළධාරින් විමසන්නේ නැද්ද පාර්ලිමේන්තුව වරින්වර කල්දාල කරන කමිටු අහෝසි කිරීමත් මේවාට ප්‍රභලම හේතුවක් වෙනවා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම මගින් කමිටු අහෝසිවීම පනින රිලවුන්ට ඉනිමං බදින්න වගේ වැඩක් කියන්න පුළුවන්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 140 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 201 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 145 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 44 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 193 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 194 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1084 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site