IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


“ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයන්න 20 අහෝසි කරන්න’’

(නිමල කොඩිතුවක්කු)

රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට ගෙන යාම සඳහා 20 වැනි සංශෝධනයෙන් ඇතිකළ ඒකාධිපති බලතල වහා ඉවත් කිරීම ඇතුළු යෝජනාවලියක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය.

ඉතිහාසයේ නොවූ විරූ අභියෝග රැසකට රට මුහුණ දෙමින් සිටින බැවින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනා එක්ව සමගියෙන් මෙම අභියෝග ජය ගත යුතුව ඇතැයි ද ජයසූරිය මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ  සභාපති කරු ජයසූරිය මහතා තවදුරටත් මෙසේ ද කීය.

"අපේ රටේ ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මුහුණ නොදුන් මහා ව්‍යසනයක් අභියස සිටින බව  සියලුදෙනා තේරුම්ගෙන ඇති කරුණකි.  රටට ආදරය කරන ජාතික නායකයින් ඇතුළු සැමදෙන බුද්ධිමත්ව දුරදිග බලා, සමගි සම්පන්නව ක්‍රියාකලහොත් මේ සියලු අභියෝගවලට විසදුම් සොයා ගතහැකි බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප දැඩිව විශ්වාස කරනවා.

20 වැනි සංශෝධනය තුළින් මුලු රටේම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු ආකාරයත්, ජනගහනයෙන් 82% පමණ ජනතාව පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී අනුමත නොකළ බව සමීක්ෂණවලින් පෙනීගිය බව මීට පෙර අපි සදහන් කළා. ජනාධිපතිතුමාට උපදෙස් දෙන උත්තරීතර  සංඝ සභාව නියෝජනය කරන මාහිමිපාණන් පවා මෙවැනි දැඩි පනතක් බලාපොරොත්තු නොවූ බව අපහට කීප අවස්ථාවල්වල දන්වා තිබෙනවා. 

සමීක්ෂණ කණ්ඩායම සැප්තැම්බර් මස කළ අධ්‍යනයේදී 20 වැනි සංශෝධනය අනුමත නොකරන සංඛ්‍යාව 94% දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා කරඇත.  මහජනතාව දරණ මතය නම් 20 වැනි සංශෝධනය හා 2/3 බලයත්, සහල් මිල පාලනය සදහා ගැසට් 8ක් හා සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය සදහන් මිල පාලන ක්‍රියාත්මක කලත් ඒ සියලු උත්සාහයන් බලරහිත වූ බව  තේරුම්ගෙන ඇති හෙයිනි එහෙයින් ජනාධිපතිතුමා ඉතා ඉක්මනින් 20 වැනි සංශෝධනයෙන් ඇති වූ අසාධාරණය නිවැරදි කරනු ඇතැයි යන්න ජනතා බලාපොරොත්තුවයි" යැයිද එහි සදහන් වේ.



අදහස් (6)

“ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයන්න 20 අහෝසි කරන්න’’

ප්‍රදීප් උඩුවන Wednesday, 06 October 2021 12:34 PM

මම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තදින් ප්‍රතික්ෂේප කරමි.මක් නිසාදයත් එමගින් ඒකාධිපතියෙකු බිහි කරන බැවිනි .අද සමාජයේ මතුව තිබෙන ප්‍රශ්න වලට සෘජුව සහ වක්‍රව විසිවෙනි සංශෝධනය බලපා ඇති බව මනාව පැහැදිලි වේ .මෙය ගෙන එන වෙලාවේ අප දැක්වූ විරෝධතාවය අද යථාර්ථයක් බවට පත් වී තිබේ .අකාර්යක්ෂමතාවය රජයන ජන සමාජය නිර්මාණය වීමට මෙම පනත හේතු වී ඇති බව පැහැදිලිය.

:       8       5

SUNIL MILANO Wednesday, 06 October 2021 01:14 PM

ප්‍රදීප්, යහපාලන කාලේ කොහෙද දන්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බේ.

:       4       8

Rahula Wednesday, 06 October 2021 02:33 PM

යහපාලනය කාලේට වඩා දැන් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ඒකෙන් කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්නවා. අපිට නම් 20 අවුලක් නැහැ. 19 තිබුණා නම් කැඳහැලියක් වගේ තුබුණු ආණ්ඩුව නිසා ගොඩ දෙනෙක් මැරිලා... 19ට වඩා 20 හොඳයි..

:       0       0

කිරි පුතා Wednesday, 06 October 2021 02:44 PM

අපේ රට ශක්තිමත් ව සහ සශ්‍රීක ව තිබුණේ රජවරුන් රට පාළනය කරන කාලයේ ය. ජනාධිපති බලතළ අඩුකොට එහෙට මෙහෙට ඇද ඇද ඉන්න පාළනයකින් කිසිම සෙතක් රටට බලාපොරොත්තු විය නොහැක. අවශ්‍ය ව ඇත්තේ රජාගේ බලතල අඩු කිරීම නොව හැම විටම ජනයා විසින් නිවැරදි රජෙකු පත්කර ගැනීම ය.

:       0       0

Bamunuarachchi Wednesday, 06 October 2021 03:12 PM

එතකොට 13 තියන්නද කියන්නේ?

:       0       0

chandana Wednesday, 06 October 2021 04:58 PM

20 හොඳයි. 19 කාලේ අපි දැක්කනෙ ප්‍රජාතන්ත්‍රවාදය දෝරෙ ගලනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 558 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 510 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 38 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2839 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 698 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1407 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1732 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site