(යොහාන් භාසුර)
නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (21) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ සහ වැල්ලවත්ත පොලිසියේ ජීප් රථ දෙකකින් සහ පොලිස් යතුරුපැදියකින් එම පොලිස් කණ්ඩායම පක්ෂ මූලස්ථානයට පැමිණි බව කී පුබුදු ජාගොඩ මහතා වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළේය.
පොලිසිය කඩා වදින විට පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබූ බවත් සැක සහිත යතුරුපැදියක් මූලස්ථාන අසළ සැරිසැරීම හේතුවෙන් පක්ෂ සාමාජිකයෝ ගොස් ඒ පිළිබඳව විමසා ඇති බවත් ඒ මහතා පවසයි.
පක්ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදීම පිළිබඳව ඒ වන විට මුලස්ථානයේ සිටි සාමාජිකයන් පොලිසියට විරෝධය පළකර ඇති බවත් ජාගොඩ මහතා වැඩිදුරටත් කීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙරටුගාමී පක්ෂ මූලස්ථානයට පොලිසිය කඩා පනී
chandima Tuesday, 21 June 2022 09:13 PM
කොල්ලොත් උසිගන්වලා පාරවල්වල කෑගහ ගහ ඉන්නේ... වරෙල්ලකෝ අපේ කුඹුරු ටික කොටාගන්න. මේ තෙල් නැතිව ඉන්න වෙලාවේ...? අන්න එහෙමයි රටට ආදරේ නම් මේ වෙලාවේ කරන්න ඕනෑ.
උපාලිWednesday, 22 June 2022 06:25 AM
කුඹුරට බැස්සීමට පෙර නාවා පිරිසිදුකර ගන්න.
PereraWednesday, 22 June 2022 06:51 AM
අපි කුඹුරු කොටලා පොර එනකන් බලන් ඉන්නවා. මේ අය ඒවත් එක්ක තමයි පාරවල් වල කෑගහන්නේ...
sisiraWednesday, 22 June 2022 06:58 AM
පෙරටුගාමී සමාජවාදි අන්තවාදී ක්‍රියාවන් හැර මේ කණඩායම් රටට කල සේවයක් නොමැත. මොවුන්ගේ අන්තවාදී සිල්ලර කැරලි නැවත්වීමට පොලිසිය, හමුදාවන් වෙනුවෙන් රජයට විාල මුදලක් වැයවේ. එපමණක් නොව කඳුළු ගෑස් සඳහාද විශාල මුදලක් රජයට වැයවේ. රජයට වන්නාවු පාඩුව මොවුන්ගෙන් අයකරගත යුතුවේ. පෙරටුගාමී සමාජවාදි අන්තවාදී ක්‍රියාවන් මේවනවිට ලෝකය ප්‍රතික්ෂේප කර තිබේ.
සමසමන්ත Tuesday, 21 June 2022 11:57 PM
ඕකුන්ගේ නායකයාගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ...
sharm warn Wednesday, 22 June 2022 10:39 AM
චන්දිම, අන්න ජවිපෙන් ප්‍රජා ගොවිපොලවල් පටන් අරගෙන.. ඉතින් යන්නකො.. මෙ පොඩි පක්ශයකට බණ කියන්නෙ නැතුව ගිහින් එකෙ වගා කරන්නකො.. හැබැයි පොලිසියෙ ලොක්කෝ බල්ල මාක් එකෙන් නොන්ඩි වෙලා ගිය හැටි අපි නම් දැක්ක.. අඩු ගනේ කාටද වරෙන්තුව කියල කියන්න නමක් වත් නැහැ.. බොරුවට බල්ලො වගේ කඩා පැනල රෙඩි ලෙෆ්ට් වෙලා ගිා..