පෙරිටෝනියල් ඩයලිසිස් ක්‍රමය භාවිතයේදී නිවැරැදි වෛද්‍ය උපදෙස් මත ක්‍රමානුකූලව සහ නිසි පුහුණුවකින් අනතුරුව කළ යුතු බව මතක තබා ගන්න. කිසිදු විස බීජයක් උදර කුහරය අභ්‍යන්තරයට ඇතුළු නොවන අයුරින් තරලය ඇතුළු කිරීම සහ ඉවත් කිරීම ඔබ සතු වගකීමයි. නැතහොත් උදර කුහරයට ඇතුළුවන බැක්ටීරියා නිසා උග්‍ර ආසාදන තත්ත්ව මතු විය හැකිය.
සුළු ආසාදනයක් නම් උදර කුහරයට ඇතුළු කරන ප්‍රතිජීවක මගින් පාලනය කළ හැකිය.
ඒත් තත්ත්වය බරපතළ නම් ඩයලිසිස් නළය උදර කුහරයෙන් ඉවත් කිරීමට පවා සිදු වේ. මෙහි ඇති තවත් සංකූලතාවක් වනුයේ ඩයලිසිස් නළය අවහිර වීම හෝ අවතැන් වීමයි. මෙවන් තත්ත්වයකදී අලුතෙන් නළයක් නැවත වතාවක් දැමීමට සිදු වේ.
තවද ඩයලිසිස් සඳහා භාවිත කරන විශේෂිත වූ තරලයේ සීනි අඩංගු වේ. එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ගේ ඉන්සියුලින් අවශ්‍යතාවද ඉහළ යා හැකිය. පරිතාන පටලය ආධාරයෙන් රුධිරය පිරිසුදු කෙරෙන බැවින් පටල ක්‍රියාකාරිත්වයේ ඇති වන වෙනස්කම් නිසා රුධිරය පිරිසුදු කිරීම අපේක්ෂිත ආකාරයෙන් සිදු නොවීමද තවත් සංකූලතාවකි.
වාසි
hemodialysis ක්‍රමයට වඩා ඉතිරි වී තිබෙන වකුගඩු ක්‍රියාකාරීත්වය ඒ මට්ටමින්ම බොහෝ විට රඳවා තබා ගැනීමේ හැකියාව ඇත.
වෙනත් ශාරීරික දුර්වලතා ඇති පුද්ගලයන්ට ද ප්‍රශ්නයකින් තොරව යොදා ගත හැකි වීම
තමන්ට නිවසේදී සිදු කළ හැකි අතර දෛනික රාජකාරීවලදනිරත වීමට හැකියාව ලැබේ.
විශාල කාලයක් වැය කිරීමට අවශ්‍ය නැත.
මීට අමතරව මෙම ක්‍රමයේදී දිනකට තරල ලීටර් 8ත් 10ත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය වේ. සතියකට ප්‍රමාණවත් තරම් හෝ ද්‍රාවන ගබඩා කිරීමේ පහසුකම්ද රෝගීන් සතු විය යුතුය.
එමෙන්ම පිරිසිදු ජලයෙන් දෙඅත් සෝදා ගැනීමෙන් මේ ඇසුරින් ඇති වන්නාවූ ආසාදන අවම කර ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම මේ සඳහා වෙන් කර ගත් වෙනම කාමරයක් රෝගියාට තිබිය යුතුය.කෙසේ වුවද ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට මෙකී ක්‍රම දෙකම ඉතා වියදම් අධික ප්‍රතිකාරයි. මෙබැවින් වකුගඩු රෝග මූලික අවස්ථාවේදීම හඳුනා ගෙන හැකි තරම් එයට ඇති අවදානම් තත්ත්ව වළක්වා ගැනීමත් යන කාරණා ද්විත්වයට අවදානය ලබා දිය යුතු වේ.
-සටහන- මාධවී ධර්මරත්න
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙරිටෝනියල් කාන්දුවේ වාසි සහ අවාසි