IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්

(නාමිණි විජේදාස)

රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන් යුත් ස්ථිර බදු වර්ගයක් වියයුතු බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසුවේය.

ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා පනවා තිබූ රේගු සහ වැට් බද්ද ඇතුළු තීරුබදු කිහිපයක් වෙනුවට ආදේශකයක් ලෙස 2007 වසරේදී විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දුන් බව අමාත්‍යවරයා පැවැසුවේය.

රජය දේශීය වෙළඳපොළේ මිල පහළ දැමීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහළ දැමීමට 2021 වසරේ ගත් තීරණය සීනි බදු වංචාවට හේතු වූ බවත් එලෙස බද්ද පහළ දැමුවත් වෙළඳපොලේ සීනි මිල පහළ නොගිය බවත් අමාත්‍ය සියඹලාපිටිය මහතා පිළිගත්තේය.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනුවට සුදුසු, ස්ථාවර මෙන්ම විනිවිදභාවයෙන් යුත් බදු වර්ගයක් මාධ්‍ය කාලීනව හඳුන්වා දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් බවත් කැපවීම ඉටුකළ යුතු දිනය 2025 වසරේ ජනවාරි මාසය ලෙස සටහන් වන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

අර්තාපල්, සහල් සහ පරිප්පු වැනි විශාල වශයෙන් ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවලට බදු වර්ග හතරක් පහක් පැනවීමෙන් දේශීයව භාණ්ඩවල මිල පාලනය කිරීම අපහසු වීම හේතුවෙන් එවකට මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් එම බදු වර්ග සියල්ලටම ආදේශකයක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද හඳුන්වා දෙනු ලැබිණි.

මෙම බදු නීතිය ප්‍රශ්නගත බවත් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අසාමාන්‍ය බදු වර්ගයක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික වාර්තාවේ සඳහන් විය.මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ ප්‍රතිශතය එක රැයෙන් වෙනස් කිරීමට හැකියාව පවතින බවත් මෙම බදු නීතිය සීනි බදු වංචාවටද හේතු වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.

 

 



අදහස් (3)

පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්

විජිත් Sunday, 31 March 2024 04:41 PM

ඔය බද්ද අයින් කළාට "එදා කරපු හොරකම" අයින් කරන්න බැහැ. හොරකම හොරකමමයි. හොරුන්ට විරුද්ධ නඩුව එහෙම්මයි. වරදට දඬුවම එදාට අධිකරණය තීරණය කරාවි. මට පෙනෙන්නේ, ගෝඨාභයගේ සීනි හොරු මේ බූලාට කීයක් හරි අතමිට මොලවලා වගේ... ඔව් දැන් ඉතින් යන්න ළඟ නිසා අතට අහුවෙන ඕනෑ දෙයක් සාක්කුවේ දමාගන්න... හැබැයි හිරේ යන ලිස්ට් එකේ උඩින්ම ඔයාත් ඉන්නවා.

:       3       28

chandima Monday, 01 April 2024 12:09 AM

නීතිය වෙනස් කරන්න හිතාගෙන ඉන්නේ ඔය ඉන්න කට්ටියමද?

:       0       1

Sharm Monday, 01 April 2024 06:16 AM

සීනි බදු වංචාව කියන්නෙ තමුන්ලා සාමූහිකව කරපු මහජන මුදල් මංකොල්ලයක් නේ. දැන් නිකං අඟී එහෙම වුනා චමයි හැබැයි මං ඤං ඥෑ වගේ කතා කරන්නෙ?? ආයෙමත් ඔය කයිවාරු කියවලා මිනිස්සුන්ව රවටන්න ඔහේලා ඉඩ දෙන්නෙ නෑ.. පෝය වලින් දවස් ගනන් තියාගෙන ඉන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 76 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 886 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 17 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


රංගනයෙන් නිරූපණයෙන් දස්කම් දක්වන යොවුන් අවුරුදු කුමරා
2024 ඔක්තෝබර් මස 01 41 0

’’කලාව මිනිසාගේ මනස සුවපත් කරයි. කලාවේ යෙදීමෙන් රස විදීමෙන් සුන්දර මිනිසෙකු බිහිවේ. එලෙස සුන්දර මිනිසෙකු බිහිවීමෙන් සුන්දර රටක් බිහිවේ. එනිසා කලාව කි


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1567 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහි දී විවෘත වේ
2024 ඔක්තෝබර් මස 01 24 0

Canon Image Square සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Squareප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලු‍පිටිය ලිබර්ටි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38455 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site