(රෝහණ සමරවීර)
කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ, මී උණ සඳහා වන ප්‍රතිජීවක ඖෂධ නොගෙන පුරන් කුඹුරු අස්වැද්දීමට ජනතාව වැඩි පිරිසක් යොමු වීම හේතුවෙන්, රත්නපුර දිස්ත්‍රික්කයට මී උණ රෝගය විශාල බලපෑමක් කරමින් පවතින බව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය.
මී උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍යවරයා මෙසේ කීවේය.
''කුඹුරු ගොවිතැන්, පතල් කර්මාන්ත ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් තිබූ මී උණ රෝගය 40% ක පමණ පිරිසක් දක්වා ව්‍යාප්ත වී ඇති බව විශ්ලේෂණ වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, පාසල් දරුවන්, හමුදා සේවයේ යෙදෙන්නන්, ඟං වතුර ව්‍යසන, නිවාස පවිත්‍ර කරන අයවලුන්, සරුංගල් යවන දරුවන් වැනි මඩ ආශ්‍රිත කටයුතු කරන පිරිසට විශාල අවදානමක් පවතිනවා. 60% ක් පමණ වන සාමාන්‍ය ජනතාවට එම රෝගය වැළදීමට ඉඩ තිබෙනවා. එම නිසා ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.
මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා මී උණ රෝගීන් 1085දෙනෙකු වාර්තා වෙලා තිබෙනවා. එයින් මී උණ බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 75% ක්. මේ වසරේ මී උණ හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ සිදු වූ මරණ සංඛ්‍යාව 9ක්.
ඒ අනුව 2019 වර්ෂයට සාපේක්‍ෂව 2020 වසරේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. 2019 වසරේ මාස 12 තුළම වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1250ක්. 2020 වසරේ මාස 7ක් තුළ 1085ක් රෝගීන් වාර්තා වී තිබෙනවා.
මේ අනුව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මී උණ රෝගීන් සංඛ්‍යාව 117 ක්. පැල්මඩුල්ල කොට්ඨාසයේ රෝගීන් 80 ක්. රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 71 ක්. කලවාන 71 ක්. ඇහැලියගොඩ 69 ක්. නිවිතිගල කොට්ඨාසයේ 56 ක්. බලන්ගොඩ 61 ක්.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ 2020 මුල් මාස දෙක, තුන තුළ ජනතාව නිවෙස්ව කොටුවී සිටියා. එම කාලයේ ගොවිබිම් වලට නොගිය බොහෝ දෙනා පවුල් පිටින් ගොවිතැන්වලට යොමු වුණා. ඒ කාලයේ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීම විශාල ලෙස සිදු වූ නිසා වසංගතය ඉක්මණින් ව්‍යාප්ත වුණා.
පුරන් කුඹුරු ආශ්‍රිතව තමයි මී උණ විෂබීජය පවතින්නේ. බැක්ටීරියාවක් මගින් වැළදෙන මෙම රෝගය මීයන්, ගවයන් ඇතුළු සත්වයන්ගේ මූත්‍රා මගින් බෝවන්නක්. එම නිසා මඩ ආශ්‍රිතව වැඩකරන ජනතාවගේ ශරීරයේ ඇති වෙන සීරීමකින්, කුඩා තුවාලයකින් ඒ වගේම නිසි අයුරින් ගලා නොයන එම බැකිටීරියාව සහිත ජලයෙන් අත්පා හා මුහුණ සේදීම තුළින් මෙම රෝගය වැළඳෙන්න පුලුවන්.
එම බැක්ටීරියාව ශරීරගත වුණොත් මස්පිඬු වේදනාව, තද උණ, ඇස් රතුවීම වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා. රෝග ලක්ෂණ ඇති වූ පළමු දිනයේදීම රජයේ රෝහලක වෛද්‍යවරයෙකු හමුවෙන්න අවශ්‍යයි. එසේ කළහොත් මී උණ රෝගයෙන් ආරක්‍ෂා විය හැකියි. රෝගය වැළඳී දින ගණනාවක් යනතුරු වෛද්‍යවරයෙකු හමුවට නොගියොත් සංකූලතා ඉතා වැඩිවී ජීවිතය පවා අවධානම් විය හැකියි.
එම නිසා එවැනි මඩ සහ ජලය සහිත ගොවිබිම්වලට බැසීමට සූදානම් වන සෑම අයෙකුම සතියකට කලින් ප්‍රතිජීවක ඖෂධ ගත යුතුව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වලින් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් මෙම ඖෂධ නොමිලේ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. කරල් වශයෙන් නිපදවා ඇති එම ඖෂධය මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයේ කරල් දෙකක්, කුඹුරුවලට බැසීමට පෙර ලබා ගතයුතු වෙනවා. ගර්භණී මවුවරුන්ට හා දරුවන්ට අප මේ ඖෂධය ලබා දෙන්නේ නැහැ.
පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වරුන් හරහා රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මගින් මුළු දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි මී උණ මර්දනය සඳහා මේ වනවිට ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පාසල්, ගොවි සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන හරහා මෙවැනි දැනුවත් කළා ඉදිරියටත් අඛණ්ඩව එලෙස දැනුවත් කරනවා.
නමුත් කෙරෝනා හා ඩෙංගු වැනි රෝගයන්ට නිශ්චිත ඖෂධයක් නොමැති වුණත් මී උණට ඖෂධ ඇති නිසා අවශ්‍යව අත්තේ මහජන අවධානය හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම පමණයි''යැයි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රතිජීවක ඖෂධ නොගැනීම නිසා රත්නපුරේ මී උණ ව්‍යාප්තවෙලා