IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ප්‍රතිත්‍රස්ත පනත කල්යයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද  කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත්  අධිකරණ නිවාඩු කාලය ( court vacation) හේතුවෙන්  පනත සම්බන්ධයෙන්
අධිකරණයට  යෑමට බාධා මතුවන තත්වය  සැලකිල්ලට ගෙන  පනත  ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද කළ බවද  ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්, නීතිඥ සංවිධාන සහ  නොයෙකුත් සිවිල් සංවිධාන කළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් විදියට  ඒ තීරණය ගත් බව  පැවසූ විජයදාස රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත මේ මස
අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ අනුව බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

මේ අතර මෙම පනත් කෙටුම්පතට විපක්ෂයේ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන සහ  නොයෙකුත් සිවිල් සහ බහුජන සංවිධාන දැනටමත් විරෝධය පළ කර ඇත. පනතෙන් රටේ  ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල වන බව  එම සංවිධානවල අදහසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ, පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා නියම කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ස්ථාවර නියෝග 55(2) ප්‍රකාරව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය.



 

 


 



අදහස් (10)

ප්‍රතිත්‍රස්ත පනත කල්යයි

wije Thursday, 06 April 2023 01:48 PM

ජනතා බලය ළඟ මොන කෙරුමත් සරැන්ඩර් ලොක්කෝ

:       3       43

Samitha S. Aluthgamage Thursday, 06 April 2023 02:01 PM

මේ කඩිමුඩියේ මේ පනත සම්මත කරනවාට වඩා අවශ්‍ය බොහෝ දේ තිබේ.රටේ ලොකු පොඩි කාටත් එකසේ ක්‍රියාත්මක වන සේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිනම්,ඊට එහා ගිය පනත් අවශ්‍ය නොවේ.දුප්පත් කමට කරනා පුංචි හොරකමකට තදින් ක්‍රියාත්මක වන නීතිය රටම හොරා කා බංකොලොත් කළ හොරුන්ට මෙතෙක් කල් ක්‍රියාත්මක වූයේ නැත.රටක් දෙස බලන කළ,ජනමාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව ආත්ම ලාභය අරමුණු කර කරනා මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම පිළිබඳව ක්‍රියා කිරීම වැදගත්.එසේම,සමාජ ජාල වල විනය විරෝධී හා සදාචාර විරෝධී දේට එරෙහිව පියවර ගත යුතුය.නිදහස අවශ්‍ය නමුත් වල්බූරු නිදහසක් අවශ්‍ය නොවේ.වල්බූරු නිදහස රටට ජනතාවට හානිකර බැවින් ඒවාට ද එරෙහිව පියවර ගත යුතුය.

:       2       25

Saman Thursday, 06 April 2023 03:36 PM

මුඛවාඩම් බැද එකකු නසන කල දනිමු සුවහසක් යලි උපදින බව...

:       2       28

Kumara Thursday, 06 April 2023 04:06 PM

බලේ නැතිවෙයි කියල පුදුම බයක් ති‌යෙන්නේද

:       1       28

ලලිත් පුෂ්පකුමාර Thursday, 06 April 2023 04:17 PM

කල් යයි නෙමේ විරෝධය හමුවේ අකුල ගත්තා

:       3       29

Rata Perata Thursday, 06 April 2023 04:57 PM

ඊළඟ පාරවත් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න.

:       0       0

නිහාල් Thursday, 06 April 2023 08:12 PM

ඊලග වතාවේ ගෙදර ඉන්න පුරුදු වෙන්න විජේදාස..

:       0       3

විපරමා Thursday, 06 April 2023 08:32 PM

ඩීල්දාස බයවෙලා වගේ? දීපු රාජ්‍ය ඇමතිකම බාර නොගත්තු තමුන්, පින් ජනපතිට පින්සිද්ද වෙන්ඩ ඇමතිකම ගත්තේ නිකම්ද ?

:       0       3

Demuni de Silva Friday, 07 April 2023 05:28 AM

In order to turn upside down the topic for LG election postponement, this anti-terrorism act was brought before the people !

:       0       2

Sharm Sunday, 09 April 2023 01:50 AM

අනේ මේ ගොබ්බයා හිතන් හිටියේ ඌ හරි පොරක් කියලා.. ඔන්න දැන් නැට්ටේ ඉඳන්ම ගොම... එයාගේ ගොබ්බ පනතට GSP සහනය අයින් කරන්න හදපු නිසා වල්ගේ දෙපරැන්දේ ගහගෙන අකුලා ගත්තේ..., හිතන් ඉන්නේ අපිත් කන්නේ පුන්නක්කු කියලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මෝදි ජනපති කාර්යාලයට එයි
2025 අප්‍රේල් මස 05 145 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට ප


ලංකා මාතාව මෝදි පිළි ගනී
2025 අප්‍රේල් මස 05 740 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහත් අභිමානවත් හරසර මධ්‍යයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රී ලංකාව වෙත පිළි


මෝදිගෙන් එක්ස් සටහනක්
2025 අප්‍රේල් මස 05 1442 0

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.


මෝදි පිළිගන්න සියල්ල සූදානම්
2025 අප්‍රේල් මස 05 395 0

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.


ඌරගස්මංහන්දියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 04 1521 2

ඌරගස්මංහන්දිය බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මෝදි ලංකාවට පැමිණෙයි
2025 අප්‍රේල් මස 04 3059 3

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 191 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 388 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 913 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site