(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ප්‍රතිලාභී පවුල් 10680 කට බෙදාදීම සඳහා මිලදීගෙන තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න වටිනා කෘෂි උපකරණ පසුගිය වසරේ ජනවාරි 25 වැනිදා වනවිටත් ප්‍රයෝජනයට නොගෙන ගබඩා කර තිබිණැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ කෘෂි උපකරණ අතර උදලු තල 2670ක්ද උදලු මුල්ලු 6102ක්ද සවල් 6102ක් හා මල් බාල්දි 5929ක්දවූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා බෙදා දීමට 2020 වර්ෂයේදී මිලදී ගන්නා ලද රුපියල් ලක්ෂ හැත්තෑ පහකට වැඩි වටිනා කෘෂි උපකරණ කට්ටල 1880ක්ද ප්‍රතිලාභීන්ට ලබා නොදී ගබඩාවල රඳවා තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
තවද අධිකාරියට අයත් රුපියල් ලක්ෂ දහයක් වටිනා කැබ් රථයක් සහ රුපියල් ලක්ෂ දෙකක් වටිනා අත් ට්‍රැක්ටරයක් වසර තුනක කාලයක් තිස්සේ භාවිතයෙන් තොරව දිරාපත් වෙමින් පැවතුණු බව විගණන අංශ පෙන්වා දෙයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කුණ්ඩසාලේ ඉඩමක රුපියල් ලක්ෂ 45 ක් වැයකර 2017 වර්ෂයේ දී ඉදිකරන ලද අලෙවි ගොඩනැගිල්ල සඳහා ජලය සහ විදුලිය ආදී පහසුකම් ලබාදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවසර ලබා නොදීම හේතුවෙන් එම ගොඩනැගිල්ල පාවිච්චි නොකර පැවතුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
එම ගොඩනැඟිල්ල පාවිච්චි කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විරුද්ධත්වය ප්‍රකාශ කර තිබූ බවද වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ප්‍රතිලාභීන්ට බෙදීමට ගෙන ආ දෙකෝටියක බඩු ගබඩාවල