IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ප්‍රතිසංස්කරණ ගැන මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

ලංකාවේ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්  සේමසිංහ මහත්වරුන්ට දැනුම් දී තිබේ.

රාජ්‍යයේ නාස්තිය ,වංචාව,දූෂණය නතර කිරීම මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැවරූ( Government diagnosis) ප්‍රධාන කාර්යභාරය වේ.

මූල්‍ය අරමුදලේ මෙම අරමුණු සහ එකඟතා ඉටුවේදැයි සලකා බැලෙන දෙවැනි සමාලෝචනය මාර්තු මාසයේදී සිදු කිරීමෙන් අනතුරුව තුන්වෙනි ණය වාරිකය නිදහස් කිරීමට නියමිතය.

එමෙන්ම දෙවැනි සමාලෝචනය වන තුරු මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුවේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට පැවරීමටද මූල්‍ය අරමුදලේ දූත පිරිස  තීන්දු කර තිබේ.

ඒ අනුව සාගල රත්නායක මහතා  දෙවැනි සමාලෝචනයේදී මූල්‍ය ආරමුදල ලංකාවෙන් බලාපොරොත්තු  වන කාරණා සම්බන්ධයෙන් වගකීම් දරන්නා ලෙසද කටයුතු කරනු ඇත.

ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම යාපනය ඇතුළු තෝරාගත් ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති අතර සියලු කාරණා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපති ඇතුළු ලංකා ආණ්ඩුවට ස්තුතිය පළ කර තිබේ.



අදහස් (3)

ප්‍රතිසංස්කරණ ගැන මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

සල්ලි Saturday, 27 January 2024 11:19 AM

විදේශීය අරමුදලකට අවශ්‍ය පරිදි හසුරුවා ගන්නා එකම රට ලංකාවද?

:       11       18

චන්දන Saturday, 27 January 2024 12:27 PM

ඔව්.... තමුන්ලා සෑහීමකට පත්වෙනවා. රටේ ජනතාව එදා වේල හම්බ කරගන්නේ කොහොමද කියලා හිඟාකනවා. අයි එම් එෆ් වන්දනාවේ ගියපු කිසිම රටක් ගොඩ ගිහිල්ලා නැහැ. මොවුන් උපදෙස් දෙන්නේ භාණ්ඩාගාරය පුරවා ගන්න හැටි විතරයි. රටේ අපනයන සහ කෘෂි ආර්ථිකය නගාසිටුවන්න කියලා මොනවාද දීපු උපදෙස් සහ බලපෑම්...? එකක් කියන්න පුළුවන්ද?

:       10       22

samanSaturday, 27 January 2024 09:06 PM

දැන් තේරෙනවාද ඇයි කබ්රාල් උන්නැහේ කිව්වේ අයි.එම්.එෆ්. වන්දනාවේ යන්ට එපා කියලා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 40 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 190 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 59 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 196 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1113 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site