(අංජුල මහික වීරරත්න)
පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එමෙන්ම සිය වෘත්තීය නිපුණතාවය වර්ධනය කර ගැනීම සඳහා නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ කොළඹ ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ අද (15) සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙරට සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11 ක් ඇතුළත් සංදේශයක් කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙහිදී අමාත්‍යවරයාට ලබා දුන් අතර එම සංදේශයට ඇතුළත් කරුණු පිළිබද ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් අමාත්‍යවරයා දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් කරුණු සොයා බැලුවේය.
මෙහිදී, කරුණු කිහිපයකටම අදාළ විසදුම් ඒ මොහොතේම ලබාදීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර තවත් ඉල්ලීම් කිහිපයක්ම ඉටුකර දීමට තමා පියවර ගන්නා බව අමාත්‍යවරයා කොළඹ ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන්ට මෙහිදී දන්වා සිටියේය.
ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට මෙහිදී අමාත්‍යවරයා සිය අවධානය යොමු කල අතර ඒ සදහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මාධ්‍යවේදීන් සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරනු ලබන හැදුනුම්පත මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍ය වේදීන්ට පමණක් නිකුත් කිරීමටත්, එමෙන්ම සියලුම මාධ්‍ය වේදීන් සදහා අංග සම්පුර්ණ නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත්, මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ප්‍රාදේශීය මාධ්‍ය වේදින්ට සිය වෘත්තියට අදාළ උපකරණ මිලදී ගැනීම සදහා අඩු පොලි යටතේ ණය මුදලක් ලබාදීමේ හැකියාව පිළිබදව සොයා බැලීම ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් රාශියකට සිය එකඟතාවය පලකරමින් එම ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත
ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්
එමි.එස්.එම්.මුන්තසිර් Thursday, 16 January 2025 06:49 AM
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා අගනා,වටිනා සත්කාරයක්. සාර්ථකවේවා!!! (පසුගිය කාලයවල අප වේනුවේන් ආරමිභකල මෙවැනි යෝජනා කිසිම ප්‍රතිලාභ නොමැතිව අඩපන වුනා)
සානත් Thursday, 16 January 2025 02:00 PM
අදහසත් හොඳයි ඉදිරිපත්වීමත් හොඳයි ක්‍රියාත්මක වීම..................®