IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ප්‍රාදේශීය රෝහල් රැසක් වැසීයෑමේ අවදානමක

 

(යොහාන් භාසුර)

රජයේ රෝහල්වල සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරු 350 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජූනි මස එකවර විශ්‍රාම යෑම හේතුවෙන් ග්‍රාමීය රෝහල් රැසක් වැසී යෑමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලියාපදිංචි වෛද්‍යවරු 350 ක් පමණ එකවර විශ්‍රාම ලැබුවහොත් අවම වශයෙන් ග්‍රාමීය රෝහල් 50 ක් පමණ වසා දැමීමට සිදුවන බව කී එම නිලධාරියා දුෂ්කර ප්‍රදේශ ඇතුළු රට පුරා ග්‍රාමීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරු 650 ක් පමණ සේවය කරන බව ද සදඟන් කළේය.

ලියාපදිංචි වෛද්‍යවරු 350 ක්, උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 400 ක්, විශේෂඥා වෛද්‍යවරු 300 ක් සහ දන්ත වෛද්‍යවරු 50 ක් පමණ ඇතුළු සමස්ත වෛද්‍යවරු 1000 කට අධික සංඛ්‍යාවක් මෙම වසරේ දෙසැම්බර් වන විට විශ්‍රාම ගැන්වීමට නියමිත බවත් එම වෛද්‍යවරු අතර ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු 500 කට අධික සංඛ්‍යාවක් සිටීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොදුනාරටිය බිඳවැටෙන බවත් එම නිලධාරියා කීය.

චක්‍ර ලේඛයක් හරහා ලබන ජූනි 30 සහ දෙසැම්බර් 31 අදාල වෛද්‍යවරු එකවර විශ්‍රාම ගැනීමට නියමිතව තිබීමෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්වීම වැලැක්විය නොහැකි බව කී එම නිලධාරියා සඳහන් කළේ ග්‍රාමීය රෝහල්වල මේ වන විට සේවය කරන ඇතැම් වෛද්‍යවරු දිනකට බාහිර රෝගී 300 කට අධික සංඛ්‍යාවක් පරීක්‍ෂා කරන බවත්ය.

ලියාපදිංචි වෛද්‍යවරු 350 ක් පමණ විශ්‍රාම ගැන්වීමෙන් ග්‍රාමීය රෝහල් රැසක බාහිර රෝගී අංශ වසාදැමීම වැලැක්විය නොහැකි බවත් ඒ හේතුවෙන් පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශවල ජනතාවට අපහසුතාවට පත්වීමට සිදුවිය හැකි බවත් සඳහන් කරයි.

මෙම තත්වය පිළිබඳව කළ විමසුමකදී ජ්‍යෙෂ්ඨ ලියාපදිංචි වෛද්‍යවරයෙක් පැවසුවේ පොළොන්නරුව ඇතුළු දුෂ්කර ප්‍රදේශ රැසක රෝහල්වල මේ වන විටත් ප්‍රසව හා නාරීවේද වෛද්‍යවරු ඇතුළු විශේෂඥා වෛද්‍යවරු නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් බෙහෙත් හිඟය හේතුවෙන් ග්‍රාමීය රෝහල්වල වෛද්‍යවරුන්ට බෙහෙත් තුන්ඩු දෙකක් ලිවීමට සිදුව ඇති බවත්ය. මෙම වසරේ සීමාවාසික පුහුණු 1600 ක් බඳවා ගැනීමට නියමිතව තිබුණ ද 1400 ක් පමණක් අයදුම් කර තිබූ බව කී එම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා එම පිරිසෙන් ද වෛද්‍යවරු 300 ක් මේ දක්වා පත්වීම් භාරගෙන නොමැති බව ද සඳහන් කළේය.

ලබන ජනවාරි මස තෙක් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු පත්කිරීමේ අවස්ථාවක් නොමැති බවත් මෙම තත්වය හමුවේ රටපුරා ප්‍රාදේශීය රෝහල් 500 කට අධික සංඛ්‍යවක් දැඩි අවදානමකට පත්වන බවත් ඔහු කීය.

ඩෙංගු පැතිර යෑම නිසා වර්තමානයේ දෛනික රෝගීන් සංඛ්‍යාව තෙගුණ වීමෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් දිය යුතු බව ද එම වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ ගැටලුව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසුමකදී පැවසුවේ එම ගැටලුව පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බවත් වෛද්‍යවරු කොන්ත්‍රාත් ක්‍රමයට නැවත සේවයට ගැනීමට සැළසුම් කර ඇති බවත්ය.

 



අදහස් (5)

ප්‍රාදේශීය රෝහල් රැසක් වැසීයෑමේ අවදානමක

කිරිපුතා Wednesday, 10 May 2023 04:05 PM

වෛද්‍යවරුන් ට ඕන විදිහට නටන්න ගිහින් තමයි මේ ප්‍රශ්නය ගොඩනැගිලා තියෙන්නෙ . ඔවුන් වෛද්‍ය වෘත්තිය ට පැමිනෙන හැම මාර්ගයක් ම වහගෙන තමන්ගෙ වටිනාකම උඩින් තියාගන්න දඟළනවා මිසක රටේ අවස්ථාව අනුව ක්‍රියා කරන්නෙ නෑ.

:       9       16

Chin Wednesday, 10 May 2023 04:25 PM

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස 65 කළ යූතුයි.

:       11       5

කොන්දොස්තර Wednesday, 10 May 2023 04:37 PM

මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. සෑම වසරකම විශාල පිරිසක් වෙදවිදුහල් වලට ඇතුළත් කරනවා වගේම පිටවීමත් වෙනවා... ඇති. ඉතින් පිරිසක් විශ්‍රාම ගියාම ඒකට සමාන පිරිසක් ගන්න පුළුවන්... නිසි පරිදි පුහුණුව සඳහා යවනවා නම් කොහොමද පිරිසක් විශ්‍රාමගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ කියලා පැහැදිලි නැහැ. එහෙම වෙනවා නම් කාගේ හෝ නොසණ්ඩාල වැඩකින් මිස එහෙම අඩුවක් වෙන්න බැහැ. ක්‍රමානුකූලව ගලායන බඳවා ගැනීම පුහුණුව සඳහා යොමුකිරීම උසස් කිරීම විශ්‍රාම ගැන්වීම කරනවා නම් කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ...? මම හිතන්නේ බලධාරීන්ගේ අවිධිමත් ක්‍රියාවන් නිසා මෙහෙම වෙන්න ඉඩක් තියෙන්න පුළුවන්...

:       3       5

LallaWednesday, 10 May 2023 05:16 PM

ඔවුන් බොහෝදෙනකු විදේශ රටවලට යනවා. අනික වෛද්‍යවරයකු මුල් පත්වීම ලබනකොට වයස 28-29 වෙනවා. මේක අපරාධයක්. විශ්ව විද්‍යාල වර්ජන, විරෝධතා මේකට එකම හේතුව...

:       3       9

විසිල් Thursday, 11 May 2023 07:04 AM

මරි මෝඩ දේශපාලකයින් සහ මහ පොලවේ පය නොගසන ආර්ථික ඔස්තාද්ලාගේ මෝඩ තීරණ නිසා ඇතිවූ සාමාජීය ගැටලුවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 187 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 79 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 230 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 448 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 216 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 642 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site