(ඉන්දිකා රාමනායක)
ඝාතන සිද්ධීන් ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප‍්‍රධාන විමර්ශන හයක විමර්ශන වාර්තා වල ප‍්‍රගතිය දැක්වෙන උධෘත වාර්තා , වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අද (22) නීතිපතිවරයා වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා පැහැරගෙන යාම, මුතුර් හී සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙක් ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධීන් හයට අදාල පරීක්ෂණවල උදෘත වාර්තා මෙලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත බාරදී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සියලු උධෘත කරුණු 11 ක් ඔස්සේ වෙන් වෙන් වශයෙන් සකස්කර ඇති බවද හෙතෙම කීය.
පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙක් ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධීන් පහ සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශන වල ප‍්‍රගතිය ඇතුළත් උධෘත ප‍්‍රමාදයකින් තොරව අවසන්කර එම විමර්ශන උධෘත තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් (15) වැනි දින වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණි.
එම විමර්ශන පහට අමතරව දැනට විමර්ශනය කරන මාධ්‍යවේදී එක්නැගිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුන් කිරීමේ සිද්ධියට අදාල විමර්ශනයේ උධෘතද කරුණු 11 ක් ඔස්සේ එක් එක් සිද්ධියට අදාලව ගොනු සකස්කර වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ගනු ලැබුවේ සිද්ධීන් සිදුව වසර කිහිපයකින් බවත් , ඇතැම් විමර්ශන වල උධෘත මීට පෙර වරින් වර නීතිපතිවරයා වෙත යොමුකර උපදෙස් ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.
වසීම් තාජුඞීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙක් ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් වීමේ සිද්ධීන් වලට අදාලව උධෘත මීට පෙර නීතිපතිවරයා වෙත යොමුකර ලැබුණ උපදෙස් අනුව පරීක්ෂණ සිදුකර කරන බවත්, සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය, ඝාතන සිද්ධියේ උදෘත මෙතෙක් නීතිපතිවරයා වෙත යොමුකර නොමැති බවද හෙතෙම කීය.
මෙම විමර්ශන සියල්ල අවසන් කිරීමට නිෂ්චිත දිනයක් හෝ කාලයක් පැවසිය නොහැකි බවත් කීර්ති නොයාර් මහතා පැහැර ගෙන යාමේ සිද්ධියේ විමර්ශන පමණක් තවත් මාස දෙකක පමණ කාලයකින් අවසන් කර හැකි බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ
පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්රධාන අපරාධ සිද්ධීන් 6 ක වාර්තා නීතිපතිවරයා වෙත
Prabha Thursday, 22 August 2019 01:17 PM
සිරිසේන මහත්තයා ඒ සැරේ නයාට ඇඳලා වගේ. අපේක්ෂකකම දෙනකල්ම වටේට දෂ්ඨ කරනවා වගේ..