(යොහාන් භාසුර)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා කුළුණුවල මේ මොහොත වන විට සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් කර හැරීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් නිර්මාණය වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්ත්වය හේතුවෙන් හුණුපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය කිහිපයක් එක පෙළට නැවතී ඇති බව කී නිලධාරියා සංඥා දෝෂය දුම්රියෙන් දුම්රියට ඉවත් කරමින් දුම්රිය පිටත් කර හැරීමට සිදුව ඇති බවද සඳහන් කළේය.
එම තාක්ෂණික දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට දුම්රිය තාක්ෂණික නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Nimal Friday, 15 March 2024 09:49 AM
ඊයේ පීලි පැනීමක්... අද සංඥා දෝෂ... හෙට? මේ කාර්යයන් සියල්ලම නිවැරැදිව කරන්නේ කවදාද?