ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා අද (31) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.
ඉකුත් 10 වැනි දා සිට මොළයේ වූ සැත්කමක් වෙනුවෙන් ඒ මහතා දිල්ලි නුවර රෝහලකට ඇතුළත්ව සිටියේය. ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.
තමා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසට ස්වයං - නිරෝධායකයට යොමුවන්නැයි ද ඔහු සඳහන් කර තිබිණි.
කෙසේවෙතත්, පසුගිය දින කිහිපය තුළදී පෙනහළුවල අසනීප තත්වය වර්ධනය වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ, ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ මගපෙන්වීම ලැබීම තමාට මහත් භාග්‍යයක් වූ බවය. සිය දේශයේ සංවර්ධනය වෙනුවෙන් හිටපු ජනපතිවරයා අද්විතීය සලකුණක් තැබූ බව කී මෝදි මහතා, ඉන්දීය ජනතාව ඔහුගේ වියෝවෙන් කම්පා වන බවත්, මුඛර්ජි මහතාගේ පවුලට සිය කනගාටුව පළකරන බවත් සඳහන් කළේය
ප්‍රනාබ් මුඛර්ජි මහතා 2012 වසරේ සිට 2017 වසර දක්වා ඉන්දියාවේ ජනපති ධූරය හෙඹවීය. ඔහු ඉන්දියාවේ 13 වන ජනපතිවරයා වූයේය. ජනපති ධූරයට පත්වීමට පෙර ඔහු, භාරත කොංග්‍රසයේ සභිකයකු වශයෙන් ආරක්ෂක, මූල්‍ය ඇතළු අමාත්‍යංශ කිහිපයකම අමාත්‍ය ධූරය දැරුවේය.
ඉන්දීය රජය විසින් පුද්ගලයකුට පිරිනමන ඉහළ ම සම්මාන වන, භාරත රත්න සහ පද්ම විභූෂණ යන සම්මානවලින් ද ප්‍රනාබ් මුඛර්ජි මහතා පිදුම් ලැබීය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි
මලිත් Tuesday, 01 September 2020 06:20 AM
අපරාදේ රටක් වටිනා කෙනෙක් පෙනහළුවල රෝගී තත්වය නිසා කොරෝනා ගොඩට දාලා. ලංකාවේ නම් මේ වැරැද්ද වෙන්නේ නෑ.