IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක්

(නිමල කොඩිතුවක්කු)

පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්සාහ කලහොත්, වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ ගැටලුවට පිළියමක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව සීමාවාසික පුහුණුවට අනුයුක්ත කළ හැකි බවද එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයට අමතර ප්‍රතිපාදන  මේ සඳහා ලබාදිය නොහැකි නම්, පරිපූරක වෛද්‍ය වෘත්තිවේදී ඩිප්ලෝමාධාරීන් පුහුණුව සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිතා කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ එක පෑන් පහරකින් සිදු කළ හැක බවද ඔහු කීවේය.

වසර පහක පමණ කාලයක් තිස්සේ වෛද්‍ය රසායනාගාර ඩිප්ලෝමා පාඨමාලාවට සිසුන් බඳවාගෙන නොමැති බැවින් හා ඉදිරියේදී කිසිදු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෙකු ඩිප්ලෝමා පාඨමාලා සඳහා බඳවා නොගන්නා බැවින් එම ප්‍රතිපාදන මගින් සියලු ගැටලු විසඳාගත හැකිව තිබියදී බරපතල අර්බුදයක් නිර්මාණය කොට ඇතැයිද කුමුදේශ් මහතා සඳහන් කළේය.

උපාධිධාරීන් සීමා වාසික පුහුණට අනුයුක්ත කිරීමෙන් පසු රැකියාවට බඳවා ගැනීමේ ගැටලුව විසඳීම සඳහා මාස හයක කාලයක් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබියදී, උපාධිධාරීන්ව පාරට බස්සවා, ඔවුන්ට පොලිසිය මගින් ප්‍රහාර එල්ල කර සිරගත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහු කීවේය.

පරිපූරක වෛද්‍ය සේවාවේ අනුමත නිලධාරී සංඛ්‍යාව වසර විස්සකින් පමණ යථාවත් වී නොමැති බැවින්, දැනට අනුමත නිලධාරී සංඛ්‍යාව සේවාව පවත්වාගෙන යාම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවද ඔහු සඳහන් කළේය.

අනුමත නිලධාරී සංඛ්‍යාව යාවත්කාලීන කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඉදිරිපත් කරන ලද ඉල්ලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ එක පෑන් පාරක් ලබා දිය හැකිනම්, කිසිදු විභාගයකින් තොරව මෙම සියලු උපාධිධාරින් සේවයට බඳවා ගත හැකි බවද කුමුදේශ් මහතා තවදුරටත්  කීවේය.



අදහස් (3)

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක්

සිල්වා Monday, 31 March 2025 04:02 PM

සියලුම වර්ජන අසාධාරණයි. රට ගැන හිතලා වැඩ කරමු.

:       4       9

ukran Monday, 31 March 2025 05:56 PM

සිල්වා එතකොට අර කෝවිඩ් 19 කාලේ කරපුවා...

:       0       10

සිල්වා Monday, 31 March 2025 06:22 PM

කෝවිඩ් 19 කාලයේ අපි හිටියේ විපක්ෂයේ. ඒක සාධාරණයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපේ රුධිර පාරවිලයන සේවය ලෝකෙම ගෞරවයට ලක් වෙලා
2025 අප්‍රේල් මස 09 8 0

වාර්ෂිකව මෙරට සම්පූර්ණ රුධිර ඒකක 450,000 ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිලිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බ


මාළු ලොරියේ කේරළ ගංජා ඇදලා
2025 අප්‍රේල් මස 09 39 0

රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා , කේරළ ගංජා තොගයක් , මාළු ප්‍රවාහනය කරන අධිශීතකරණ ලොරියක සඟවා ගෙන ප්‍රවාහනය කරමින් සිටියදී , ශ්‍රී ලංකා නාවික හමුදාව


‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ ජනපති එළිදක්වයි
2025 අප්‍රේල් මස 09 208 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (9) එළිදැක්වීය.


කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 09 320 0

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.


වැලිගම ’’බෝනස් වර්ජනය’’ විසඳන්න රජය මැදිහත් වෙයි
2025 අප්‍රේල් මස 09 924 1

ඇමරිකන් බද්ද නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරියට උපදෙස් ලබා දුන් බව කම



මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 781 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 609 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1057 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site