IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පරිපාලන සංගමයෙන් රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ )

රුපියල් ලක්ෂයක අවම දීමනාවක් ලබා නොදුනහොත් වර්ජනයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

මහා භාණ්ඩාගාරයේ එකතු කරන මුදල්වලින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙස මුදල් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව එම සංගමයේ සභාපති මාහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා පැවසීය

මේ සඳහා ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන අතරදී පිරිසක් ඊට බාධා පැමිණවීමෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති විය. මේ අවස්ථාවේදී ඊට බාධා කළ සිවු  දෙනෙක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.



අදහස් (14)

පරිපාලන සංගමයෙන් රතු එළියක්

Lal Friday, 22 March 2024 10:20 PM

රාජ්‍ය සේවයේ ඉන්නේ 200%ක් හොරු...

:       4       8

Asanka Friday, 22 March 2024 11:29 PM

මේ ගොල්ලන්ට ලක්ෂයක් දුන්නොත් ඒකෙ ප්‍රතිශතය කීයක් වෙයිද? මහ බැංකුවට වගේ අඩුකරගන්න ඕනෙ නැද්ද මේ ගොල්ලෝ..?

:       1       7

Colombo Citizen Saturday, 23 March 2024 12:14 AM

ඔයගොල්ලෝ කරන්නේ දේශපාලකයින් පස්සේ ගිහිල්ලා අනෙකුත් වෘත්තිකයින්ට තියෙන තනතුරු ටිකත් අල්ලගෙන ටයි පටියක් කරවටේ දාගෙන ඒසී කාමර වලට වෙලා බකන් නිලන් මහජනයා රස්තියාදු කරලා විනෝද වෙන එක. ඔය දෙන පඩිය, පෙට්‍රල්, කාර් හොඳටම වැඩියි.

:       1       9

Prabha Saturday, 23 March 2024 01:38 AM

මෙයාලාට ලක්ෂයක අඟහිඟයක් ඇතිනම් එදාවේල හොයාගන්න කම්කරුවාට කොච්චර අමාරු ඇද්ද?

:       1       6

ධනුෂ්ක Saturday, 23 March 2024 01:31 PM

ඒක ඇත්ත කම්කරු පව් තමයි. හැබැයි ඉතින් එදාවේල හොයාගන්න කම්කරුවන්ට වැඩක් පලක් දෙන්න. ගමේ කඩේ මුදලාලිගේ ලාච්චුවලට සල්ලි ටිකක් යන්න. කඩේ ආප්පම් විකුණන කාන්තාවගේ අත⁣ට සල්ලි ටිකක් යන්න. මහා භාණ්ඩාගාරයේ මුදල් ගමට යන්න වැටුප් වැඩිවෙන්න ඕනේ... මේ වගේ කාලෙක ලැබෙන වැටුප ඉතුරු කරන කවුරුහරි ඉන්නවා නම් ඒ අයට වැටුප් වැඩිකරන්න ඕනේ නෑ...

:       1       2

ChandrakumaraSunday, 24 March 2024 07:41 AM

ධනුෂ්ක ගැන හරිම වේදනාවක් ඇතිවෙනවා මොකද ඉන්න හිටින්න තැනක් නැත්නම් මිනිස්සු සතෙන් සතේ හරි එකතුකර පැලක් හරි හදාගන්න පුළුවන් කියලා හිතාගෙන හරියට බඩට කෑමක් නැතුව ඉතිරි කරනවා ඒත් ඉතින් අහිංසක ජනතාවගේ දුක නොහදුන තීරණ ගන්නා එවුන් ඒකට පොලියවත් දෙන්න කැමති නැහැ ඒවාත් අරගෙන උන්ගෙ උදර පෝෂණය කරන්න යොදනවා ඉතින් ධනුෂ්ක වගේ කුහකත්වය ඊර්ෂ්‍යාව තියෙන අනුන්ගේ දුක වේදනාව නොදන්නා එවුනුත් රටේ තීන්දු තීරණ ගන්න එවුනුත් අතර කිසිම වෙනසක් නැහැ එහෙම නම් රටේ සංවර්ධනය කරන්නෙ කොහොමද හිතාගන්න බැහැ

:       0       0

Tharindu Saturday, 23 March 2024 02:09 AM

මහා භාණ්ඩාගාරය එකතු කරන මුදල් වලින් පඩිය වැඩිකර ගත්තාම හරි... ඔය ආයතනය විසින් ඉටුකරන කාර්යය තේරුම් ගන්න බැරි පරිපාලන සේවකයෝ.. දීමනාව අවමය රුපියල් ලක්ෂයක්... අනේ මන්දා...!

:       1       5

සෝමපාල Saturday, 23 March 2024 07:10 AM

දොස්තරලා සඳහා දුන්නු මුදලට වැඩි මුදලක් මොවුන්ට ඉල්ලීම කිසිම සාධාරණයක් නැහැ. වැටුප් මදි නම් වැඩියෙන් දෙන තැනකට යන්න කියන්න ඔය තනතුරු සඳහා කවුරුවත්ම බලෙන් බඳවාගෙන නැහැනේ... පිරිසක් දේශපාලුවෝ තමන්ගේ හිතවතුන්ට දුන්නු තනතුරු තමයි ඉතාමත් සුලු පිරිසක් අධ්‍යාපන සුදුසුකම් හා විභාග ප්‍රථිඵල මගින් බඳවාගෙන තියෙනවා... රජයේ සේවයේ යෙදෙන කිසිවෙකුට ආයතන සංග්‍රහය අනුව රජය අපහසුතාවයට පත්වෙන ක්‍රියාවන් කරන්න බැහැනේ... එහෙම තියෙද්දී දේශපාලන අයිතිවාසිකම් අහිමි දීප ව්‍යාප්ත සේවාවල කිසිවෙකුට විශේෂයෙන් පරිපාලන සේවයේ අයම මෙහෙම කිරීම හරි නැහැ... මේක පළාත් සභා ආරම්භ වීමට පෙර සිදුවීමක්. දවසක් එක් දිසාපති තුමෙකුට කොට්ඨාසයේ උප දිසාපති (වර්තමානයේ ප්‍රාදේශීය ලේකම්) නැහැ කියලා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා ගිහිල්ලා පරීක්ෂා කළාම කාරණය හරි දිසාපතිතුමා කරලා තියෙන්නේ කාර්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ ලිපිකරුට උප දිසාපති පැමිණෙනතුරු වැඩබැලීමේ පත්වීමක් අතින්ම ලියාදීම තමයි. ඒ අනුව ඔහු සාර්ථකව එම කටයුතු කළා. එහෙම නම් ඉතින්... පළපුරුදු අත්දැකීම් සහිත අනෙක් නිලධාරින්ට වුණත් වැඩ කරන්න බැරිකමක් නැහැ.

:       2       10

Prabath Saturday, 23 March 2024 09:32 AM

සත පහක්වත් වැඩි කරන්න එපා. මොවුන් තමයි රට කන්නේ... මේ අය දන්න පරිපාලනයක් නෑ. ලංකාවේ විශ්ව විද්‍යාලවල කලා පීඨයකට ගියාම තේරෙනවා මොනවත් බෑ කියලා...

:       3       78

National DF Saturday, 23 March 2024 10:09 AM

රුපියල් ලක්ෂයක දීමනාවක් නොඉල්ලා රජයේ සේවකයින්ගෙන් මාසයකට රුපියල් ලක්ෂය දක්වා TAX රි ඉම්බර්ස් කරන්න කියන්න. එතකොට රජයට මුදල් වැය නොවන අතර පාඩුව අවම වේ. තවද රජයේ සේවයේ අඩු පඩි තරමක් දුරට හෝ පෞද්ගලික අංශ හා සැසඳේ...!

:       1       64

Lalla Saturday, 23 March 2024 11:09 AM

රටේ බර අදින්නෝ පෞද්ගලික අංශය. ඒත් හැමෝම කතා කරන්නේ රාජ්‍ය අංශයේ සේවකයින්ට තිබෙන ප්‍රශ්න. ඇත්ත තත්ත්වය නම් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය මත තිබෙන දෙයක්...

:       2       8

Chandima Saturday, 23 March 2024 02:57 PM

පරිපාලන සේවයේ ඉන්නේ කිසිම වෘත්තීමය හැකියාවක් නැති පිරිසක්, ආණ්ඩුවෙන් පිනට යම්කිසි දෙයක් නොලැබුණොත් කිසිම රස්සාවකට යන්න පුලුවන් පිරිසක් නෙවෙයි මේ අය. හැබැයි දැනටත් දේශපාලුවන්ට වඩා වරප්‍රසාද මේ අය භුක්ති විඳිනවා. දේශපාලුවෝ හා සමසමව හොරකම් කරනවා. මහජන මුදලින් යැපුනත් මහජනයාට කිසිම සැලකිල්ලක් නැහැ. මේ අය තමයි රාජ්‍ය සේවය ලක්ෂ 15ක් කරන්න වැඩකරලා රට බංකොලොත් කරන්න දායක වුනේ. ඉතින් මොවුන්ට දෙන වරප්‍රසාද අඩුකරනවා මිසක් තවත් පඩි වැඩිකළයුුතු නැහැ. බැරි නම් යන්න කියන්න රටට සෙතක් ඒක...

:       1       7

ධනා Saturday, 23 March 2024 04:54 PM

රට අගාධයට ඇද වැටීමට ප්‍රධානම හේතුව ලංකාවේ පරිපාලන සේවය. රාජ්‍ය සේවයේ අනෙකුත් සියලු සේවාවන් ඔවුන්ට යටත් විය යුතුය යන අධිමානසිකත්වයෙන් දේශපාලකයින්ට ගොට්ට අල්ලන කණ්ඩායමක් ඔවුන්... සත පහක් වැඩි කරන්න හොඳ නෑ...!

:       1       6

Krishan Saturday, 23 March 2024 10:02 PM

යම් කෙනෙක් ඇමැතිවරයෙක් විදියට පත්වෙලා ආවාම පස්සෙන් ගිහින් ඒ අමාත්‍යාංශයේ හොරකම් කරන මාර්ග කියලා දෙන්නේ ඔය පරිපාලන සේවයේ නිලධාරීන් තමයි. අපි හිතමු නිධන් තියෙනවා කියලා ඒ අමාත්‍යාංශය යටතේ තොරතුරු ඒ සියළු තොරතුරු එක්ක ඒ නිධන් පිහිටිම් කොහේද තියෙන්නේ...? කොහොමද ගන්නේ... ඒවාට අවශ්‍ය අය සියල්ල ලබාදෙන්නේ ඔය නිලධාරීන් තමයි.. අමාත්‍යාංශයේ හොරකම් ගැන ලොකුවට යනවා. එතකොට ඒ ඇමතිවරයා හොරා වෙනවා. ඒ හොරකම් වලින් කුට්ටිය කඩාගත් පරිපාලන සේවයේ නිලධාරීන් මුකුත් දන්නේ නැහැ. සුදු චරිත වෙනවා. ලොකුම හොරා... ඇමැතිවරයා නෙමෙයි. පරිපාලන සේවයේ නිලධාරීන් වෙන්නේ රටේ මිනිස්සු මුකුත් දන්නේ නැහැ. ඇමැති හොරා කියනවා විපක්ෂයේ අය කියන නිසා ඕක කවුරු ආණ්ඩුව කළත් ඔච්චරයි. හෙට සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර සහෝදරයා ජනාධිපති වුණත් ඔහොම තමයි වෙන්නේ.. මේ රට ගොඩගන්න නම් මුදල් අමාත්‍යාංශයේ බින්න බැහැලා ඒක කාගෙන වරප්‍රසාද භුක්ති විඳිමින් වෙන අයට එන්න නොදි ඉන්න පරිපාලන සේවයේ ඇතුළු සියළු නිලධාරීන් වෙනත් තැන්වලට ස්ථාන මාරු කළ යුතුයි. 2025 හැදෙන්නෙත් 2024 වගේ අයවැයක් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 562 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 222 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1288 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2524 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1481 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38619 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site