(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැළසුම්සහගතව ඉහළ දමන සහ පාලන මිලට වඩා ඉහළ මිලකට අළෙවි කරන පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාරිභෝගික කටයුතු සංශෝධන පනත ලබන සඳුදා (6) පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩගත කර ඇති බව කී අමාත්‍ය අලගියවන්න මහතා තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩය රුපියල් 20,000 සිට ලක්ෂ 10 දක්වා ද, සමාගමක උපරිම දඩය ලක්ෂ දෙකේ සිට කෝටිය දක්වා ද, ඉහළ දමා ඇති බව සඳහන් කළේය.
තනි පුද්ගලයක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 1000 රුපියල් ලක්ෂය දක්වාත් සමාගමක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 10,000 රුපියල් ලක්ෂ 5 ක් දක්වාත් ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාරිභෝගික කටයුතු සංශෝධන පනත සඳුදා පාර්ලිමේන්තුවට
C.K.Lankaputhra Saturday, 04 September 2021 06:45 AM
ඒ කියන්නේ සර් රට ආ පස්සට අරන් ගියා කියල නේද? පෝලිං යුගය ඇවිල්ලා.
suneth Saturday, 04 September 2021 07:13 AM
වැට් බද්ධ ආදී බදු ඉවත් කරද එය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට දායක වී නැති බවක් පෙනෙන්න තියෙනවා. මේ නිසා බදු ප්‍රතිපත්තිය දුප්පතාට සහන ලැබෙන සේ වෙනස් කරන මෙන් අතිගරු අගමැති තුමා ගෙන් ඉල්ලා සිටිනවා. මේ සදහා අදිකව අදායම් ලබන අයවරුන්ට අධික අදායම් බදු පනවා එම වාසිය අත්‍යාවශ්‍ය බාන්ඩ වල මිල පහත දැමීම සදහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
sarathSaturday, 04 September 2021 08:16 AM
දුප්පත් මනුස්සයෙක් දවසම මහන්සි වී උපයන වැටුප සමහර පුද්ගලයන් එක විනාඩියෙන් උපයන බවක් පෙනෙන්න තියෙනවා. නමුත් වෙළද පොලේ භාණ්ඩ අලවි වන්නේ මේ දෙපිරිසටම එකම මිලකට. සමහරු තර්ක කරන්න පුළුවන් අධිකව ඔවුන් උපයන්නේ ඔවුන් ලද දැනුමට කියා. නමුත් මෙතරම් විෂමතාවයක් පැවතීම සාදාරන නැහැ නේද? එමනිසා අධිකව අදායම් උපයන අයවරුන්ට අධික අදායම් බදු පැනවීම සුදුසු බව පෙනෙනවා.
දිසා.......ගම්පහ. Saturday, 04 September 2021 08:18 AM
මේවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කොට පෙන්වන්න.
Sunil Saturday, 04 September 2021 09:29 AM
මේ සියලු වැඩ කටින් විතරයි
ase Saturday, 04 September 2021 10:03 AM
නීති බඩු ඇල්ලූ පසු ගෙන ඒම? කාගෙද මේ උපදෙස්? ඕවා පරණයි.