IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් අල්ලයි

(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)

 

රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් භාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට අද (14) දින ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සමත් වූහ.

එම සහල් කොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු  අත්අඩංගුවට  ගත් අතර ඔහු  වීරපුර,මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 64 වියේ පසුවන රියදුරෙකි.

මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් කළ ඉල්ලිමක් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න හා මහජන සෞඛ්‍ය පරික්ෂක පද්මසිරි බණ්ඩාර යන මහත්වරු විසින් සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදි ලොරි රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හරින ලද බවත් නැවත නඩු විභාගය අගෝස්තු මස 2 දින කැඳවීමටත් අධිකරණයෙන් නියම කළ බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න මහතා පැවසිය.



අදහස් (5)

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් අල්ලයි

Prabha Friday, 14 June 2024 09:35 PM

දැන් හාල් ඒ රියදුරාගේද?

:       0       3

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 14 June 2024 10:24 PM

සහල් කිලෝ 30 000 ක්? පවුල් සියගණනක් රොගීන් බවට පත්කිරීමට මේ අමනයන් කටයුතු කළාද කියා "ලංකාදීප" පින්තූරයෙන් පැහැදිලිවම පෙනෙනවා !! මේ වංචාවට සම්බන්ධ සියළුදෙනාම අල්ලා නඩු විභාග කර, මහ උළු ගෙදරට තල්ලු කර, ඔවුන්ට පමණක් මේ හාලෙන් බත් උයා, බලෙන් හෝ ගිල්ලවා එහි ප්‍රතිඵලය පෙන්විය යුතුයි...!

:       0       1

Lalla Friday, 14 June 2024 10:24 PM

ඒක තමා නිකමුන්ට නිකම්ම දෙන්නේ. ඒ අයත් කිසිම ප්‍රමිතියකට නෑ නේද?

:       0       0

ravin Saturday, 15 June 2024 06:36 AM

අල්ලලා තියෙන්නේ මැස්සෙක්නේ.. සැපයුම්කරු? ගැණුම්කරු? තත්ව පරීක්ෂකවරු...?

:       0       0

chandra Saturday, 15 June 2024 07:17 AM

කුනු හාල් බෙදලා චන්දෙ ගන්න හැදුවට බැහැ වගේ නේද ?කවුද පුතානොද එව්වේ ?ම්නතිනම් රට ගොඩගත් අසහාය නායකයාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 976 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 431 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 279 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 848 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 718 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 321 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site