IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ප්‍රභූවරයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට

(නිමන්ති රණසිංහ)

ප්‍රභූවරයකු විශේෂ ආරක්ෂාවක් යටතේ හෙලිකොප්ටරයකින් රැගෙනවිත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අද (28) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබ ප්‍රතිකාර ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

රෝගියකු රෝහලට ඇතුළත් කිරීමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටියන් බැහැරව කිසිදු ලේඛනයක හෝ සටහන් නොතබා මෙම විශේෂ ප්‍රභූවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම රෝගීයා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් යොමු නොකොට වෙනත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විවිධ රෝහල්වලින් ගෙන්වා ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ද වාර්තා වේ.

එම විශේෂ ප්‍රභූවරයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් රෝහල් පරිශ්‍රයේ ආරක්ෂක සෙබලුන් රඳවමින් විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.

මෙම විශේෂ ප්‍රභූවරයා සම්බන්ධයෙන් අප තොරතුරු සොයා බැලීමේදී එලෙස ප්‍රතිකාර ලබමින් සිටින්නේ හිටපු නාවුක හමුදාපතිවරයකු බවට තොරතුරු අනාවරණය විය.



අදහස් (24)

ප්‍රභූවරයක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට

siri Friday, 28 October 2022 08:43 PM

ෂික් විතරක්. අන්තිම වාක්‍යය දැක්කට පස්සේ හිතට ආව සන්තෝෂය නැතුව ගිය.

:       153       84

AselaSaturday, 29 October 2022 10:20 AM

අවංකවම කුරිරු සතුටක් ඇති වුණා

:       49       15

Saman Friday, 28 October 2022 09:09 PM

අපේ මයිනදෝ කියලා හිතෙන්නේ මට විතරද? ඇහුවමයි නාවික හමුදාපතිවරුන්ට මෙහෙම සැලකිලි.

:       251       70

අරුණ Saturday, 29 October 2022 12:02 AM

මෙහෙමත් පවුකාර ජාතියක්! රටක ආර්ථිකයක් කඩා වැටීම නැවත යථා තත්වයට පත්කල හැකියි. නමුත් තරුන බාල මහලු කාගෙත් අකාලයේ නැතිවෙන්නට ගිය ජීවිත හානි නවතා, දෙකට තුනට කැඩෙන්න තිබුනු භූමියක් එක ධජයක් යටතේ එක්සේසත් කල මිනිසෙකුට නාකි මයිනා යැයි ආමන්ත්‍රණය කරන ජනතාවක් සිටින රටකට දෙවියන්ගේ ආශිර්වාදයද නැත්තං ශාපයද උරුම??

:       55       222

පුරවැසියෙක් Saturday, 29 October 2022 07:29 AM

අපේ මිනිස්සුන්ට කෘතගුණයක් කියලා දෙයක් නෑ. බඩ ගනම හිතන ජාතියක්. ප්‍රබාකරන් ඇවිත් පාන්පිටි අඩුවට දෙනවා කීවොත් මුන් ඒ පැත්තේ. එහෙම පිරිසක් ඉන්නවා. නුගත් කම ජාතිකත්වයට වඩා ලොකුයි.

:       44       118

Dinesh Saturday, 29 October 2022 07:35 AM

රට බේරාගත්තා කියලා, ගෙදර නෝනවයි, ළමයි ටිකයි මයිනාට දීපු කෙනෙක්.. මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ...

:       66       36

Small manSaturday, 29 October 2022 07:56 AM

නාකි මයිනාට වුවමනාවටත් වඩා කළගුණ සලකන්න ගිහිල්ලා තමයි මේ රටට මෙහෙම වුනේ...!

:       77       26

මැක්ස්Saturday, 29 October 2022 10:38 AM

අරුණ මහතාණෙනි, මෙහි කොමෙන්ටු කොටන සහ කැමැත්ත (like) ප්‍රකාශ කරන උන්දැලා වැඩි හරියක් ඉරිසියාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙලෙන ජවිපෙ සහ සජබ භක්තිකයින්. තමුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ මරණය ප්‍රර්ථනා කරන අමන පිරිසක්. ඔවුන් මනුෂ්‍යත්වයටත් නිගාවක්. එම නිසා ඔවුන්ගේ ප්‍රතිචාර කෙරේ උන්නදු නොවීම යෙහෙකි.

:       21       110

chandima Friday, 28 October 2022 09:19 PM

නාවුක හමුදාපති කෙනෙක් කියලා ටක්කෙටම කියන්න බැහැ. ඉන්න ජනාධිපති, හිටපු ජනාධිපතිලා මේ සේරම නවගුණ වැල ගැණ ගැණ පිරිත් අහ අහ ඉන්න කට්ටිය.

:       96       52

dayananda Friday, 28 October 2022 09:57 PM

ඉක්මනටම බැලුවා මයිනද කියලා... බැලින්නම් කප්පම් ගත්තු දිය කාවෙක්...!

:       115       17

මංජු Friday, 28 October 2022 10:14 PM

ප්‍රභුවරුන් උපන්දින්නේ අලි පු,,,.ද?

:       57       108

නිමග් ඝරි Friday, 28 October 2022 10:44 PM

අයියො මම හිතුවෙ කපුටගෙ දෙවනි අයිය කියල.. බලහම නාවිකයෙක්නෙ. වැඩක් නෑ........

:       51       51

උධුලී Friday, 28 October 2022 11:24 PM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.

:       6       83

ගමේ එකාලා Saturday, 29 October 2022 12:24 AM

ප්‍රබූවරයෙක් කිව්වම අපි හිතුවේ රට වලපල්ලට ඇදලාදාපු දුශිත බලලෝබි දේසපාලුවෙක් කියලා?

:       56       30

Cyril seneviratne Saturday, 29 October 2022 01:48 AM

ප්‍රභූවරු කියන්නේ මොනුන්ද? සත්තු ජාතියක්ද?

:       82       32

අසංක Saturday, 29 October 2022 06:20 AM

හිටපු නාවුක හමුදාපති කියන්නෙ විශ්‍රාමිකයෙක් මිස ප්‍රභූවරයකු වෙන්නෙ කොහොමද ඔවුන්ට ඔවුන්ගේ රෝහල් තියෙනවා එහෙම තියෙද්දි මෙහෙම කිරීම හරිම අසාධාරණ ක්‍රියාවක් කියලා හිතෙනවා විශ්‍රාම ගිහිල්ලා මෙහෙම නම් සේවයේ ඉන්න ඇත්තේ කොහොමද කියලා හිතෙනවා

:       68       35

nihal Saturday, 29 October 2022 07:51 AM

සියලුම ලාංකික ජනතාව වෙතයි. ශ්‍රී ලංකාව තුළ කිසිඳු ප්‍රභූවරයෙක් නොමැත.

:       52       21

Dayan Saturday, 29 October 2022 08:53 AM

ලෙඩෙක් නොවේ....!

:       21       6

C.K.Lankaputhra Saturday, 29 October 2022 10:21 AM

මේ මොහොතේවත් අමතක වුණාද දන්නෑ එලොවට යැවූ කොල්ලන් ගැන...!

:       48       14

Santhu Saturday, 29 October 2022 12:37 PM

"ඔව්, තරුණ කෙල්ලො කොල්ලො වලපල්ලට නොදැමූ ත්‍රස්තයකු ගැන දන්නවාද? රට කෑලිවලට කපා සිංහලයාට පණ ගැහි ගැහී ඉන්න දුන්නා නම් මෙහෙම සිංහල බසින් ලියයිද? අද ද්‍රවිඩ සිංහල දෙකොටසම සතුටින් නේද? නමුත් අපහාස කරන්නේ එදා දවස අමතකද? ඊට ඉහළින් යන්න කී දෙනෙක් පෙරුම් පුරනවාද? රට බේරාගත් ඒ මනුස්සයාට වැඩි දෙනෙක් අද අකමැතියි තමයි. ඒ මනුස්සයා මැරිලා යයි. ඒත් ඒ නම මැරෙන්නෑ.. කෙතරම් වෛරක්කාරයකුටවත් මැරෙන බව අසා හෝ පතන්න හෝ සාප දෙන්න පෙර හිතන්න ඒ සාප තමුන්ට නොව පවුලේ ඊළඟ පරපුරටලු ඵල දෙන්නේ....!

:       5       64

කපිල පීරිස් Saturday, 29 October 2022 12:39 PM

ඔහු රටට කළ සේවය දන්නේ ටික දෙනයි. නමුත් උතුරේ යුද්ධය අවසාන මොහොතේ ඔහු රටට කළ සේවය දන්නේ නාවික හමුදාවේ අය පමණයි. ඔහු යුද්ධය අවසන් වී යහපාලන සමයේ ඇවන් ගාඩ් ආයතනය රජයට පවරා ගැනීමට කටයුතු කිරීමේදී ඉදිරියෙන්ම සිටි නිසා ඔහුව බොරු නඩු කටයුත්තකට සම්බන්ධ කර ඔහුට ඇති කළ මානසික පිඩනය හා ආතතිය නිසා තමයි අද ඔහු මෙම තත්ත්වයට පත්ව ඇත්තේ...

:       5       50

සුනිල් පෙරේරා Saturday, 29 October 2022 03:24 PM

ඔය ප්‍රභූවරු කියන එවුන් අපේ රටේ ඉන්නවාද? කාලකන්නි තක්කඩි දේශපාලුවන්වත් ප්‍රභූ පන්තියට දාලා තියෙද්දී ආයේ වෙන මොන කථාද...?

:       7       3

sampath Saturday, 29 October 2022 04:34 PM

සාමාන්‍ය විදිහට ප්‍රතිකාර කරන්න හැමෝම ජීවත් වෙන්න ඕනෑ. ප්‍රභූ කියලා විශේෂයක් කොහෙන්ද හදාගත්තේ... ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..

:       0       1

එම එමි Sunday, 30 October 2022 07:32 AM

දැන් කයිද ඔය කියන පුභූවරයා දේශපාලනයට ඇවිත් හොරකම් කරන අයටද එහෙම කියන්නේ..? මොකක්ද ඒකගෙ තියෙන ලොකුකම..? හොරකම් කරන එකද? මොවුන්ගේ ඇති ලොකුකමක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 450 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2508 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1758 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 966 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1152 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5270 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27363 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19618 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site