(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාරවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමගම සැකකරු පලා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
සැකකරුගේ සුඛෝපභෝගී ජීප් රථය සහ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.
පහර කෑ එම කාන්තාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත්ව ඇත.
ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි 34 හැවිරිදි කාන්තාවක සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් ද සැකකරුට එරෙහිව ලබා ගත් බව පොලිසිය කියයි.
සැකකරු කතරගම ප්‍රදේශයට ගොස් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැකකරු රැඳී සිටින බවට අනාවරණය වීමෙන් පසු එම හෝටලය වැටලූ පොලිසිය එය පරික්ෂා කළද ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව එහි රථ ගාලේ තිබී ඔහුගේ සුඛෝභෝගී ජීප් රථය හා ඒ තුළ තිබී ජංගම දුරකථනය පොලිස් බාරයට ගැනීමට කටයුතු කර ඇත.
මෙම පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර සැකකරු සහ එම කාන්තාව අතර පවතින යම් සබඳතාවයක් බිඳී යාම හේතුවෙන් අමනාප මෙම සිද්ධිය වන්නට ඇති බව පොලිසිය සැක කරයි.
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා
ravin Monday, 04 March 2024 07:46 AM
දේශපාලකයෙක් නේද? නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නකෝ...!
Lalla Monday, 04 March 2024 07:52 AM
දෙන්නම එක වගේ ඇති...
හාල්පාරු මුදියන්සේ Monday, 04 March 2024 08:05 AM
ප්‍රභු, කෝටිපති, ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ, ගෞරවයට පාත්‍රවූ යනාදී වචන පාවිච්චියේදී ඉතාමත් සැලකිලිමත් වුණොත් හොඳයි නේද?. හාල්පාරුවන්ට මේ වචන භාවිතා කිරීම නොවටිනා දෙයක් නේද?
ගමේ එකාලා Monday, 04 March 2024 03:39 PM
දූෂිත දේශපාලුවන්ට ප්‍රභූ කියන්නේ අහවල් දේකටද?