IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ප්‍රේමලාල්ගේ අභියාචනය ජූනි 16 දා විභාගයට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර , තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් ⁣පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය.

 

මෙම අභියචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අතර එහිදී එදිනට පෙත්සම් විභාගයට   දින නියම විණි.

 

පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන මාර්තු 22 වැනිදා ද , නීතිපතිගේ ලිඛිත දේශන අප්‍රේල් 29 වැනිදා ද ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය නියම කළේය .

 

2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඉකුත් වසරේ ජූලි 31 වැනිදා ඒ මහතාට මරණ දඩුවම නියම කළේය.

 

එම දඩුවම අවලංගු කර තමාව නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා මෙම ප්‍රේමලාල් ජයසේකර මහතා මෙම ⁣අභියාචන පෙත්සම ගොනු කෙරිණි.

 

නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.

 

පෙත්සම්කාර අභියාචක වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලීන් ලද්දූවහෙට්ටි මහතා සමග බුද්ධික චන්ද්‍රසේකර, වජිර රණසිංහ සහ හෆීල් ෆාරිස් යන නීතීඥවරු පෙනී සිටියහ.



අදහස් (8)

ප්‍රේමලාල්ගේ අභියාචනය ජූනි 16 දා විභාගයට

pradeepa Wednesday, 03 February 2021 08:18 AM

ප්‍රේමලාල් ඔබ නඩුවෙන් නිදහස් වෙනවා කිරිගහට ඇන්නා වගේ කියනවා. දැන් අපේ රට ඉතා ස්වාධීනයි. මොකද පහුගිය කාලේ නඩු ඔක්කොම නිදහස් වුණා... ඔබටත් එසේ විය හැක.

:       0       31

පිටිගල මිලානෝ Wednesday, 03 February 2021 08:57 AM

ඕනේ ඔට්ටුවක්... මෙයා නිදහස් වෙනවා...

:       0       29

Ferna Wednesday, 03 February 2021 09:11 AM

ඉක්මණින් එන්න එළියට.. මේ හොඳ කාලේ. බේරෙන්න කට්ටිය ඉන්නවනේ...

:       1       14

Deepal Wednesday, 03 February 2021 10:17 AM

දුෂ්ඨයා පරාජය වී ප්‍රේමවන්තයා ජයගනී. බයවෙන්න දෙයක් නැහැ... අවසාන පරිච්ඡේදය එනකම් ඉන්න දෙයියෝ...

:       0       3

siri Wednesday, 03 February 2021 10:38 AM

එල්ලුම් ගහ කපල දාමු. පලවෙනි දිනුම මෙයාට දෙමු. දෙවෙනි දිනුම කාටද කියල කියන්න අමාරුවක් නැතුව ඇතිනේ. 69 ලක්ෂයේ ප්‍රාර්ථනා සියල්ල හරියාගෙනයි එන්නේ. මාර වැඩක් ලංකාවට වුණේ...

:       0       4

Rata Perata Wednesday, 03 February 2021 11:00 AM

අර රංජා වගේ බැනලා නම් තව කමක් නැහැ. ඉතින් මේ අයව නිදොස්කොට නිදහස් කරන්න.

:       0       4

Raveendra Wednesday, 03 February 2021 11:59 AM

අනේ පව් මේ අහිංසකයාව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්කර අත්හැරලා දාන්න අනේ...

:       0       4

Buddika Wednesday, 03 February 2021 01:51 PM

බිය නොවන්න... නිදහස අත ළඟ ඇත. 69 ලක්ෂයක අයට කෑමට තෘණබිම් අවශ්‍යව ඇත...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 183 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 69 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 130 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 139 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 10 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 723 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 64 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site