(ඩයනා උදයංගනී)
මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට විරෝධය පා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගියහ.
එම මන්ත්‍රීවරු ප්‍රේමලාල් ජයසේකර මහතා දිවුරුම් දීමට විරෝධය පා සභාවට පැමිණ සිටියේ ද කළු පැහැ සාටක පැළඳගෙනය.
ඔවුන් පැවසුවේ එම දිවුරුම්දීම නිත්‍යානුකූල නොමැති බවයි.
( ඡායාරූප ළහිරු හර්ෂණ )
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රේමලාල් ජයසේකරගේ දිවුරුමට විරෝධය පා මන්ත්‍රීවරු නැගිට යති
de silva Tuesday, 08 September 2020 08:57 AM
මරණ දඬුවම නියම වුණු චූදිතයෙක් සැලකෙන්නේ දේශද්‍රෝහියෙකු ලෙසයි. එවැනි කෙනෙකුට ඡන්ද අයිතිය බවා නොමැත.
ජර්මන් විකාරTuesday, 08 September 2020 09:26 AM
නිකන් බූරු කතා කියන්න එපා. මේ සිදුවීමට නීතියක් තාම ලංකාවේ සම්මත වෙලා නෑ. නාම යෝජනා දෙන්න කලින් තීන්දුව ලැබුණා නම් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්න මැතිවරණ කොමිසමට පුළුවන්. ඒත් නාමයෝජනා ගත්තට පස්සේ මුකුත් කරන්න නීති නෑ.
sumanawathiTuesday, 08 September 2020 10:51 AM
චොකා මල්ලිගේ මල්ලි කෙනෙක් වගේ...
ජර්මන් විකාරTuesday, 08 September 2020 11:24 AM
ප්‍රේමලාල් ජයසේකර වගේ පැහැදිලි සාක්ෂි සහිතව වැරදිකරුවෙක් වූ අයෙක් පාර්ලිමේන්තු එන එක මහ අප්‍රසන්න ජරා හිරිකිත දෙයක් බව කාට වුණත් තේරෙනවනේ. ඒත් ඒකේ සම්පූර්ණ වැරැද්ද ආණ්ඩුව නම්, පසුගිය ආණ්ඩුව පත්කරපු ස්වාධීන කියලා ගිරිය පුප්පගෙන කෑ ගහන මැතිවරණ කොමිසම මෙයාව මන්ත්‍රී කෙනෙක් කියලා පිළිගත්තේ අඩු ගානෙ අධිකරණ මතය වත් විමසන්නේ නැතුව, ඒකමතිකව. ඇයි ඔය විපක්ශේ එදා ඒකට විරුද්ධ නොවුනේ... අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ සාක්ෂරතාව විතරයි. දෙයක් විමසාබලන නුවණ නෑ.
අතුලTuesday, 08 September 2020 02:28 PM
ඔබට තියෙන්නේ සාක්ෂරතාවය විතරයි. බුද්ධියක් නැහැනේ. ඔය උපන්ගෙයි පව්වලට කාටවත් පිං දෙන්න බැහැනේ.
Gandasaara Tuesday, 08 September 2020 09:06 AM
පොහොට්ටුවේ කෙනෙක් වුනත් පිළිනොගන්නා කාරණාවක්, මොනා කරන්නද.?
Dasun Tuesday, 08 September 2020 09:20 AM
ආණ්ඩුවේ මුල්ම අනාගැනිල්ල...
Gayan Bandara Tuesday, 08 September 2020 09:30 AM
ජනාධිපතිතුමනි... නීතියේ යම් අඩුපාඩුවක් නිසා, මරණයට නියමවුණු මේ කාලකණ්නි මන්ත්‍රීට පාර්ලිමේන්තු එන්න වරම් ලැබුණාට. ඔබේ පාර්ලිමේන්තුවේ මෙවැනි අපරාධකාරයෙක් ඉන්න එක හිරිකිතයි. එය ඔබේ වැරැද්දක් නොවූවත්, ඔබේ නාමය බේරාගන්න කරුණාකර මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි කරන්න. නැතිනම් මෙහි අපකීර්තිය ඔබේ ගිණුමටයි බැර වෙන්නේ.. ඔබට ඡන්දෙ දුන්නු අයෙක් හැටියට මොහු පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන ඇත්තටම ලැජ්ජයි...
Perera Tuesday, 08 September 2020 09:48 AM
රටේ අධිකරණයෙන් පෝරකයට නියම කරන කෙනෙක්ව ඒ රටේම අභියාචනාධිකරණයේ ඒ කෙනාවම පාර්ලිමේන්තුවට යන්න නියම කරනවා.
බද්රානි Tuesday, 08 September 2020 10:03 AM
අශිෂ්ඨයින්ගේ දේශයේ මිනීමරුවෙකු රජකමට පත් වුවද එය පුදුම විය යුතු කාරනාවක් නොවෙයි. ඒ අමනයින්ගේ සමාජයේ සැබෑ උගත්, බුද්ධිමතුන්ට තැනක් නොමැත. නමුත්, උගත් යයි ලේබලයක් අලවාගෙන සිටින තක්කඩි රැලක් හා ඇඟේ පතේ හා කටේ හයියෙන් කරලියේ වැජබෙන අධම මදාවියන් විසින් අම්බරුවන් පාලනය කරන ගෝත්‍රික සමාජයකි.
SenaviTuesday, 08 September 2020 12:01 PM
ඔබගේ අදහස් නියමයි. ඒත් ශිෂ්ට වූ සමාජය එය පිළිගනීවිද?
Demuni Uduwara Tuesday, 08 September 2020 12:48 PM
අපේ සමාජයේ හොඳින් පුහුණුව ලද අය නැහැ.
BamunuarachchiWednesday, 09 September 2020 02:53 AM
ඒකෙත් කිසියම් ඇත්තක් තිබෙනවා. එකනේ අපේ පවුල්වල ළමයි දෙන්නට සීමාවෙලා තිබෙන්නේ.
Bamunuarachchi Tuesday, 08 September 2020 12:42 PM
හලෝ ඔබලාට තේරෙනවා නේද මෙතන නීතියේ අඩුපාඩුවක් තියෙනවා. මරණීය දණ්ඩනය නියම වුණු කෙනා අභියාචනයක් ඉදිරිපත් කළ පමණින් රිමාන්ඩ් වන බව. නීතියේ ධුරවල තැන වෙනස් කරගන්නවා. අභියාචනා තීන්දුව ලැබෙනතුරු පහළ උසාවි තීන්දුව වලංගු වෙන්න නීති ගෙනෙන්න. හිසේ ඇම්මට කොට්ටේ මාරුකරලා වැඩක් නැහැ.
විජේ Wednesday, 09 September 2020 10:10 AM
කනට දෙකක් ගහන්න එකෙක් හිටියෙ නෑනේ. ඇයි ඒ?.. මෙහෙම එකෙක් පාර්ලිමේන්තුවේ ඉද්දි අනිත් එවුන්ගේ වැරදි නිකම්ම යට, ඒකයි. නැත්තං දැක්කනේ, පහුගිය කාලේ තමන්ට අවාසි වෙන දේවල්වලට මරාගත්ත හැටි, පක්ශ විපක්ෂ බේදයකින් තොරව, කාලකන්නි...