IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ප්‍රේමලාල් ජයසේකරගේ පෙත්සම සළකාබැලීම අරඹයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී 2015 ජනාධිපතිවරණ සමයේදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්  වී මරණ දඩුවම් නියම ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙක්  එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම්   විභාගය   අද (08) අභියාචනාධිකරණයේදී   ආරම්භ කෙරිණි.

මෙම අභියාචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී  විත්තිකාර  අභියාචකයන්  වන නිලන්ත  ජයසිංහ, සහ වජිර  දර්ශන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර  වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතීඥවරු  සිය කරුණු  දැක්වීම්  සිදු   කළහ.

අභියාචනා පෙත්සම් පිළිබද වැඩිදුර   විභාගය ලබන  25වැනිදා ට කල් තැබීමට අභියාචනාධිකරණය නියම කෙරිණි.

 2015 වර්ෂයේ ජනාධිපතිවරණය අතරතුර කහවත්ත  ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා  වෙඩි තබා  මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරු වන් තිදෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

එහි තීන්දුව 2020 ජූලි මස 31  ලබා දෙමින්  රත්නපුර මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු  විත්තිකරුවන් වැරදිකරුවන්  බවට තීරණය කරමින්   මරණ දඩුවම නියම කළේය.

එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා  මෙම පෙත්සම ගොනු කළහ.

අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි,  අනූජ ප්‍රේමරත්න, නීතීඥ   බුද්ධික චන්ද්‍රසේකර,  යන මහත්වරු  පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා  පෙනී සිටියේය.

 

 

 

 

 

 



අදහස් (8)

ප්‍රේමලාල් ජයසේකරගේ පෙත්සම සළකාබැලීම අරඹයි

මාම Monday, 08 November 2021 05:33 PM

බලන්න දෙයක් නෑ... තීන්දුව නිදොස් කොට නිදහස් කරමි..

:       0       0

ගමේ එකාලා Monday, 08 November 2021 06:50 PM

ආයේ වෙන මොනවා කියන්නද? චොකා මලයා කොකා පෙන්නලා හරි ඉක්මණට නිදහස් වෙයි වගේ... පහුගිය කාලේ කී දෙනෙක් කියලා නිදහස් කෙරුවාද?

:       0       13

ravin Monday, 08 November 2021 07:11 PM

මේ දවස්වල ‘‘නිදොස්, නිදහස්‘‘ බෙරපදේට නම් නටන්න බැහැ...

:       2       12

සෙනවි Monday, 08 November 2021 08:35 PM

අවසාන තීන්දුව පැහැදිලියි. හැමදෙයක්ම රිවස් වෙන එකේ මේවට පුදුම වෙන්න ඕන නැහැ..

:       0       11

සුරනිමල Monday, 08 November 2021 10:01 PM

එක රටක් එක නීතියක්. අනේ හපොයි...

:       0       10

Roshan Monday, 08 November 2021 10:58 PM

රටේ සාමාන්‍ය ජනයාටත් දැන් පේන කියන්න පුළුවන්. මේ නඩු තීන්දුව. මැරුණු කෙනා. තමාටම වෙඩි තියාගෙන. මෙය නිදොස් කොට නිදහස් වෙයි

:       0       0

Sanju Monday, 08 November 2021 11:52 PM

ප්‍රේමලාල් නිදහස් වෙනවා මොකද කියන්නේ අල්ලමුද ඔට්ටුවක්.

:       0       0

sharm warn Tuesday, 09 November 2021 01:50 PM

ඔව් ඔව් ලොක්කාගේ සපත්තු ලෙව කාලා හරි වැඩේ ගොඩ දා ගනී.උන්ගේ ආණ්ඩුව නේ .අනිත් එක මේ නීතිපති ට නඩු විසි කිරීමේ ඔලිම්පික් ශුරතාව දෙන්න වටිනවා කරන කෙරුවාවට .කට්ටිය කිරිබත් කන්න ලෑස්ති වෙන්න ඉතින් .හැබැයි තමන්ගේ හෘද ශාක්ෂියෙන් කවදාවත් ගැලවීමක් නැහැ කියලා මතක තියා ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 151 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 638 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 120 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 653 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1667 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site