IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ප්‍රයෝජනයට නොගත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 05ක් ඉවත්කරගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ අරමුදලින් ඉදිකර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරදුන් ප්‍රයෝජනයට නොගත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන පහක් ඉවත්කරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය.

මෙම කොවිඩ් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්‍ෂයේ ව්‍යාපෘතියක් යැයි කී කාරියවසම් මහතා මෙරට කිසිම දේශපාලන පක්‍ෂයක් එම පක්‍ෂයේ අරමුදල් යොදා මෙවැනි සත්කාරයක් රටට සහ ජනතාවට පරිත්‍යාග කර නොමැති බව සඳහන් කළේය.

පසුගිය මැයි මාසයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 20 ක් එම පක්‍ෂයේ වියදමින් නිර්මාණය කර සියලු උපකරණ, ඇදන්, කබඩ්, අල්මාරි, රෝදපුටු සහ මදුරු දැල් මේ ආදි සියලු දේ සමඟ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පරිත්‍යාගය කළ බවත් එයින් මධ්‍යස්ථාන පහක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වීමෙන් පසුව ඒවා අවශ්‍ය ස්ථානවල ස්ථාපනය කිරීම සඳහා ඉවත්කරගත් බවත් මන්ත්‍රීවරයා කීය.

මිලියන ගණනින් මුදල් වියදම් කරමින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉවත්කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බත්තරමුලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේදී අද (09) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“එම කොරෝනා එකක ස්ථාපිත කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අපේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාළාත් පාලන මන්ත්‍රීවරු 3300 ක් පමණ ඉන්නවා. ඒ වගේම අපේ පක්‍ෂයේ සාමාජිකයන් ලක්‍ෂ 40 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. මන්ත්‍රීවරුන් මාසිකව ගෙවන දීමනාව, සාමාජිකයන් රුපියල් 20 බැගින් වාර්ෂික ගෙන සාමාජික මුදල් සහ අපේ පක්‍ෂයේ පසුගිය වසර හතරක් තුළ එකතු වූ අරමුදල් යොදවලා අපේ පක්‍ෂයි මේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කළේ.

පිඹුර ප්‍රදේශයේ ඇදන් 50 ක, ඒ වගේම පානදුර, මුල්ලේරියාවේ ඇදන් 250 ක ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, මාතර කොටපොළ සහ අම්බලන්ගොඩ ඇදන් 50 බැගින් වන මධ්‍යස්ථාන දෙකක් ඇතුළු මධ්‍යස්ථාන පහක් භාවිතයට නොගෙන තිබුණු නිසා වෙනත් අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා ගැලෙව්වා. මේ වන විට කඩුවෙල, නවගමුව. කහවත්ත, මිනුවන්ගොඩ, මීරිගම, කොස්ගම, මාතලේ, වතුපිටිවල සහ රිකිල්ලගස්කඩ වගේ ස්ථානවල ඉතාම සාර්ථකව අපි ඉදිකළ මධ්‍යස්ථාන පාවිච්චි කරනවා. ගලවපු මධ්‍යස්ථානයක් මේ වන විට දඹුල්ලේ ස්ථාපිත කරමින් තිබෙනවා. මේ ආකාරයට අවශ්‍ය වන වෙනත් තැන්වලට ඒවා ලබාදෙනවා”

 



අදහස් (4)

ප්‍රයෝජනයට නොගත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 05ක් ඉවත්කරගනී

Nuwan Monday, 09 August 2021 04:49 PM

ඇදන් අච්චර හැදුවා මෙච්චර හැදුවා කිය කියා රැවැට්ටුවා

:       0       0

Sri Lanka Monday, 09 August 2021 05:40 PM

පසුගිය දවස්වල නිවුස්වලින් කිව්වේ කොරෝනා නිසා ඉස්පිරිතාල පිරිලා... පුද්ගලික රෝහලුත් පිරිලා... ඇඳන් නෑ. මළ මිනී ගොඩ ගැහිලා... හරියට විශාලා මහනුවර වගේ කියලා. මේ නිවුස් එක දැක්කාම අපිට හිතෙනවා අපිව ගොනාට අන්දලා කොරෝනා රජකරවන්න එයි කියලා..

:       9       353

දාස Monday, 09 August 2021 05:43 PM

බේබිට සුදු හුණු ගානවද?

:       6       471

Roy Monday, 09 August 2021 08:17 PM

කටුණායක ගුවන්තොටෙහි හි පිටත් වීමේ විවේකාගාරය සඳහා පී.සී.ආර් පරීක්ෂණ පහසුකම අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 3 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1009 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1144 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3179 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3837 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 840 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site