( තිළිණි ද සිල්වා )
පකිස්ථානයේ සියල්කොට්හිදී වද හිංසනයට ලක් කර අමානුෂික ලෙස ඝාතනය කළ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහාතාට පහර දෙන අවස්ථාවේ ඔහුව ආරක්ෂා කිරීමට උපරිම උස්සහ ගත් පාකිස්ථානු ජාතික මලික් අද්නාන් නමැති පුද්ගලයාට පාකිස්ථානයේ නිර්භීත කම සඳහා වන දෙවන ඉහළම සිවිල් සම්මානය ලබා දෙන බව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සඳහන් කර සිටී.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්ථාන අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
ප්‍රියන්ත කුමාර මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් 05 වැනිදා සහතික වී තිබුණි.
මේ අතර පකිස්ථානයේ සියල්කෝටි හීදි ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් එරට ක්‍රීඩා නිෂ්පදන කර්මාන්තශාලා සාමාන්‍යධිකාරිවරයා වූ ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් විසින් සාධාරණීය කර ඇත.
තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බව ද පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.
ආරක්ෂක අමාත්‍යරයා මේ බව සදහන් කර ඇත්තේ එරට පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යව්දියෙකු මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි යැයි පකිස්ථාන් ඩේලි පුවත් වෙබ් අඩවියේ සංස්කාරවරයා ව්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටී.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ප්‍රියන්ත කුමාර‘බේරිමට තැත් කළ පාකිස්ථානුවාට සම්මානයක්
Kule Monday, 06 December 2021 04:41 PM
ආගමික ත්‍රස්තවාදයෙන් ලොවම බේරාගමු
de silva Monday, 06 December 2021 11:38 PM
ඉම්රාන් ඛාන් මහත්මයා ගනුලැබූ කෙළින් තීරණයට ස්තුතිය පලකරන අතර, පාකිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා සහ අපගේ කතානායකවරයා අතර විශාල වෙනසක් නැතිබව සඳහන් කරමි.