IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ප්‍රියන්ත බේරාගැනීමට උත්සහ කළ මලික් අද්නාන්ට’’තම්ගා අයි ෂුජාත්’’ සම්මාන

( තිළිණි ද සිල්වා )

පකිස්තාන සියල්කෝට් හි අමානුෂික ලෙසින් ඝාතනයට ලක්වු ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක්)  ගෙවීමටත්, ඔහුගේ වැටුප අඛණ්ඩව ලබා දීමටත් පාකිස්ථානය තීරණය කර ඇත.

ඒ අනුව අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබෙන අතර මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර සිටී.

මේ අතර මියගිය ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ ( 07) පැවසීය.

මියගිය මෙම ලාංකිකයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ උත්සවයකට එක්වෙමින් පකිස්තාන අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම ඔහු පවසා ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවත්ය.

එම උත්සවය අවසානයේදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මිය ගිය ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමට උත්සාහ දැරූ පකිස්තාන ජාතික මලික් අද්නාන් වෙත එරට සිවිල් වැසියකුට පිරිනමන දෙවැනි උසස් සිවිල් සම්මානය වන "තම්ගා අයි ෂුජාත් " සම්මාන පිරිනැමීය.

 



අදහස් (10)

ප්‍රියන්ත බේරාගැනීමට උත්සහ කළ මලික් අද්නාන්ට’’තම්ගා අයි ෂුජාත්’’ සම්මාන

අනිල් Tuesday, 07 December 2021 07:18 PM

පාකිස්තානය වෙච්ච වරද ගැන පසුතැවීමත් , නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කිරීමත්, සාදාරණය ඉටු කිරීමට නොපැකිලව ඉදිරිපත් වීමත් අගය කළ යුතු බව මගේ හැඟීම. ජීවිතය පරදුවට තබා විදේශ විනිමය ඉපයූ අපේ රටේ පුරවැසියකුට රජ⁣යෙන් වන්දි ලැබුණේ රුපියල් ලක්ෂ 25 පමණයි. ලැජ්ජයි

:       0       5

Dasa P Tuesday, 07 December 2021 07:26 PM

දැන් ඩොලර් ලක්ෂයත් සමග එතුමාගේ බිරිඳටත් බේරෙන්න සිද්ද වෙයි

:       0       4

jagath Tuesday, 07 December 2021 07:40 PM

මම ඔබට අවංකවම ගරු කරනවා සර්.......

:       0       7

කිරි පුතා Tuesday, 07 December 2021 07:55 PM

මනුෂ්‍ය සංහතියටම අපකීර්තියක් ගෙනදුන් සිද්ධිය හැකි පමණින් නිවා දැමීමට පකිස්තානු අගමැතිවරයා ගන්න උත්සහය ඉතා අගය කරමු

:       0       6

siri Tuesday, 07 December 2021 08:04 PM

මේ කිසිදෙයකින් මියගිය දියවඩන මහතා එතුමාගේ පවුලට ආපසු ලබාදිය හැකිවෙයිද ? මෙවැනි අමානුෂික ක්‍රියාවන්ට මිනිසුන් පොළඹවන පිළිලයන් සමාජයෙන් තුරන් කිරීමට වැඩකිරීමත් ඉතාම වැදගත් වෙනවා.

:       0       3

Senarath Wednesday, 08 December 2021 09:19 AM

ඔබට අපේ ප්‍රණාමය... තිරිසනුන් අතරේ දහසක් පමණ මැද හිටපු එකම මනුස්සයා...

:       0       9

lal Wednesday, 08 December 2021 10:17 AM

සර්, ඔබගේ අවධානය මම අගය කරනවා...

:       0       9

Senarath Wednesday, 08 December 2021 10:21 AM

ලංකාවට ගෙන්වන්න.

:       0       7

fairoosWednesday, 08 December 2021 12:27 PM

කාවද? ඉම්රාන් ඛාන්වද? එහෙම දෙයක් ලංකාවේ වුණා නම් රටට අබ සරණයි...

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 December 2021 12:32 PM

ඉම්රාන් ඛාන් හා මලික් වැනි හොඳ මිනිසුන්ද, ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව විරෝධතා පැවැත් වූ ජනතාවටද, අපගේ හදපිරි ප්‍රණාමය.. ආගමික අන්තවාදීන් ලොවෙන් අතුගා දැමීමට ලොව සෑම රටකටම හැකිවේවා...!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 158 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 124 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 425 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 185 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1367 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 278 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1907 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site